වෙළෙඳපොළ වෙනස් වෙන අගොස්තුව.රාජ්‍ය ඇමතිගේ තක්සේරුව හරියයිද?

Date:

කොළඹ LNW:අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඉදිරියේදී ණය මත පදනම්ව ආර්ථිකය ගොඩනගා ගත නොහැකි නිසා මේ වනවිට සියලු දේට ගැළපෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙන හෙයින් සාමාන්‍ය වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති වීමට තව මාස කිහිපයක් ගතවනු ඇති බවයි සේමසිංහ මහතා පවසන්නේ.

රට තුළ පහුගිය කාලපරිච්ජේදය තුළ තෙල්, විදුලිය, ගෑස්වල සිට අත්‍යවශ්‍ය සේවා සැපයීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම අද වනවිට නතර වී ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර මිල පහළ ගොස් ඇති බවත් හෙතෙම කියාසිටියි.

”හැබැයි උද්ධමනය අඩුවීමට සාපේක්ෂව ඒ වේගයෙන් අඩුවෙලා නෑ.හැබැයි මේ වගේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණ රටක සාමාන්‍ය වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගෙන්න තව මාස කිහිපයක කාලයක් ගතවෙයි. අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නවා.” යනුවෙන් තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...