*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් සංවිධායකයින් තිදෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨයකු සමගි ජන බලවේගයට

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ඇතුළු සිව් දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කරමින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

මෙසේ එක් වූ අය අතර නැගෙනහිර අනුරාධපුර බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී. පී. බන්දුසේන මහතා ද වේ. ඒ මහතා 2002-2006 කාලයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙසත්, 2006-2011 සහ 2011-2015 කාලයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 නොවැම්බර් මස 23 වැනි දින සිට නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසත් පත් කර තිබේ.

එසේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක ඩී. කේ. ඩී. දිසානායක මහතාත් සමගි ජන බලවේගය හා එක්ව සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපාධිධාරී සංවිධානයේ සහ ශිෂ්‍ය සංවිධානයේ හිටපු ලේකම්වරයා ලෙසත් මධ්‍යම කාරක සභිකයකු ලෙසත් කටයුතු කර ඇති ඒ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු විධායක අධ්‍යයක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

තව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, බණ්ඩාරවෙල ආසනයේ ප්‍රධාන සංවිධායක මෙන් ම වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ආර්. එම්. රසික දේශප්‍රිය රත්නායක මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව ඇත. ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ හිටපු ජාතික සංවිධායකවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යයක්ෂකවරයකු ලෙසත් කලක් කටයුතු කර ඇති අයෙකි.

මීට අමතරව මධ්‍යම පළාත් සභාවේ උපසභාපතිවරයා අවස්ථා දෙකක දී සහ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා මෙන් ම මහනුවර දිස්ත්‍රික්කයේ වසර 25කට වැඩි කාලයක් ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ දොරේස්වාමි මැතියුගරාජා මහතා ද සමගි ජන බලවේගය හා එක්විය. වසර තිහකට වැඩි දේශපාලන හා වෘත්තීය සමිති අත්දැකීම් සහිත කම්කරු නායකයකු මෙන් ම දේශපාලනඥයකු වන දොරේස්වාමි මැතියුගරාජා මහතා දේශපාලනය සහ වෘත්තීය සමිති පිළිබඳ පුළුල් දැනුමක් ඇති අයකු ලෙස ද හැඳින්විය හැකි ය. ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල යන භාෂාවලින් බහුභාෂා කථිකයෙකු ද වන දොරේස්වාමි මැතියුගරාජා මහතා ලේඛකයකු ද වේ.

1991 දී වැඩි ම මනාපයෙන් මහනුවර මහ නගර සභාවට තේරී පත් වූ ඒ මහතා 1994 දී සහ 1997 දී මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසත් 2001 දී එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් තේරී පත් වූ අතර 2002 දී මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් විය. 2004 වර්ෂයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර මනාප 40000ක් ලබා ගත් නමුත් පාර්ලිමේන්තු අසුන අහිමි වූ අතර නැවත 2004 දී මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා ලෙස ද පත්විය. එමෙන් ම ඒ මහතා 2013 සිට 2018 දක්වා මධ්‍යම පළාත් සභාවට නැවත තේරී පත් ව එහි සභානායකවරයා ලෙස ද කටයුතු කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan