*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

2028 ට සහ 2032 ට සූදානම් වෙමු

සටහන – නිශ්මං රණසිංහ

ජූනි 15, (LNW) කොළඹ : අපට අනාගත සැළසුමක් නැත.එපමණක් නොව අතීතය සම්බන්ධ අධ්‍යයනයක් ද නැත.ඒ නිසා ඉතාම ටික කාලයකින් අපරාධකරුවෙක් ශාන්තුවරයෙක් කර පිළිගත හැකි දේශපාලනයක් ඇති මිනිස්සු අපට අඩු නොකියන්න සිටිති.ක්‍රීඩාවේදී ද එක ප්‍රහර්ෂයකින් ජීවිත කාලෙම වැරදි වසාගෙන දේශප්‍රේමී වන මිනිස්සු සිටිති.ඒ හැකියාව එන්නෙ රටක් හැටියට සැළසුම් නැති රටක ජයග්‍රහණ සුලබ නොවීමේ අනන්‍යතාවය හේතුවෙන් ජයග්‍රහණ දුලබ වීමේ සාමාන්‍ය තත්ත්වය නිසාය.

ක්‍රීඩාවට මේ සැළසුම් නැති බව සිහිපත් කළ හැකි හොඳම ක්‍රමය ඔලිම්පික්ය.අපට ඔලිම්පික් යන්නේ කවුද කියා කල්පනා කරන්නට ගන්නේ ඔලිම්පික් වර්ෂයේ ජනවාරියේ විතරය.මෙවර ආසියානු ක්‍රීඩා උළෙල දිනූ නිසා මලල ක්‍රීඩාව සම්බන්ධ කතාව තරමක් කල් ඇතුව පෙරට ආවත් සාමාන්‍යයෙන් එය එසේ වන්නේ නැත.
ලංකාවේ ක්‍රීඩාව ක්‍රීඩා පණතේ වගන්ති දෙකකින් තමන්ට ඕනෑ හැටියට රූකඩ කර ක්‍රීඩා නැටවීමේ ආශ්චර්යය පෑමට උත්සාහ දැරීම හැර අඩුම තරමේ ඔලිම්පික් අපේක්ෂිත ක්‍රිඩා උළෙල හඳුනාගෙන ඒ සඳහා අනුග්‍රහ දීමවත් හරියට නොකළ රොෂාන් රණසිංහයන් සිටියේනම් අදටත් ක්‍රීඩා පණතේ ඇමතිට ඇති බලතල අනුව යැයි ක්‍රියා කර,ක්‍රීඩා කිහිපයකට ජාත්‍යන්තර රතු එළි දල්වා අවසන් වන්නට තිබිණ.එහෙත් හරින් ප්‍රනාන්දු ඉලක්කගත ක්‍රීඩා හඳුනා ගැනීම සහ ඒ වෙනුවෙන් පහසුකම් සැපයීම මෙන්ම ඒවා මනාව කළමණාකරණය කිරීමට සහ උපකාර කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු ඉදරිපත් වීම නිසා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශ පරිපාලනය විසින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩකයන් යොමු කිරීම නොනැවතී සිඳුවෙමින් ඇත.

එහෙත් අපේ යෝජනාව 2024 ට වඩා පලදායි ලෙස 2028 සහ 2032 ඉලක්ක කර ක්‍රියාත්මක වීමය.එහිදී එම ඔලිම්පික් උළෙල දෙක ඉලක්ක කරගෙන සූදානම් කළ හැකි, මේ වන විටත් ජාත්‍යන්තරයේ අවධානය දිනා ඇති තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනෙක් දැක ගන්නට හැකිය. ඔලිම්පික් උළෙල දෙකක් සඳහා වන ආයෝජනයේ දී මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යංශයට මේ සිව්දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර සැළසුමක් සකස් කරන්නට අවස්ථාව ඇත.එම සිව් දෙනානම් තරුශි කරුණාරත්න (මීටර් 800),නෙත්මි අහිංසා (මල්ලව පොර),විරේන් නෙත්තසිංහ (බැඩ්මින්ටන්) සහ උමයංග මිහිරාන් (බොක්සිං) මේ සිව්දෙනා වෙති.
තවත් ඔලිම්පික් උළෙල දෙකකට සහභාගි වෙද්දී ද අවුරුදු 30 ට අඩු වයසක සිටින මේ සිව් දෙනා අතරින් මේ වන විටත් විරේන් ඔලිම්පික් සුදුසුකම ලබා සිටින්නේය.මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශය මේ ක්‍රිඩකයින් සිව් දෙනාව අනාගතය වෙනුවෙන් භාර ගැනීමේ වගකීම පවරා ගත යුතුය.අපිට නැති ලෝකයේ තිබෙන පහසුකම්වලට සහ දැණුමට මේ අය පැවරීමට රටක් හැටියට මෙන්ම ඔවුන්ගේ අයිතීන් ඉහළ පරිසරයට සහ දැණුමට මුදා හරින්නට එකඟ විය යුතුය.

මේ වන විටත් තරුශි කරුණාරත්න සිටින්නේ ඇමෙරිකා විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලබා අධ්‍යාපනය සඳහා නික්ම යන්නට බලා ගෙනය.ඒ වෙනුවෙන් තරුශිත් රටත් ගැන සිතා දශක ගණනකට පසු රටට ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් ගෙන ඒම වෙනුවෙන් අවම පහසුකම් මැද තරුශිව නිර්මාණය කළ සුසන්ත ප්‍රනාන්දු ඊටත් වඩා දියුණු සහ ජයග්‍රාහී තරුශි කෙනෙක් වෙනුවෙන් ඇය ලෝකයේ ඉහළම පහසුකම් සහ තාක්ෂණය සහිත දැණුම් පද්ධතිය වෙනුවෙන් මුදා හැර ඇත.
උමයංග මේ වන විටත් ජපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙක්ය.ඔහුව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට යොමු කිරිම උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහාම සිඳු කළ හැකිය.මේ කාරණා ගැන ඔලිම්පික් උළෙල කට ළඟට එන තෙක් නොසිට 2028 සහ 2032 ගැන සිතීම වැදගත්ය.කිසිඳු දේශපාලන පාට මාරුවකින් වෙනස් නොවන හැටියට මේ කාරණා ගැන අධ්‍යනය කර මුදල් ප්‍රතිපාදන වෙන් කර වැඩේ ආරම්භ කිරීමට නොපමාව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත් වීම වඩාත් වැදගත් වන්නේය.

ඔහු මහාචාර්යවරයෙක් වන්නේ ද ක්‍රීඩාව පදනම් කරගත් විෂය පද්ධතියක් යටතේය.එහි ජාත්‍යන්තර ක්‍රිඩා සම්බන්ධ දැණුම පිළිබඳවද විශාල පරාසයක් ආවරණය වන බැවින් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දුට ලංකාවේ ක්‍රිඩා ඉතිහාසයේ සිඳු කළ දීර්ඝකාලීනම ජයග්‍රහණ සැළසුම සඳහා වැඩ පිළිවෙලක් සකසා කටයුතු කළ හැකිනම් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇත.
විරේන් සහ නෙත්මි යන දෙදෙනාද ඔවුන් අයත් පාර්ශව සමඟ ද කතා කර ඒ දෙදෙනාට ද අධ්‍යාපනය ද ඇතුළත් වන පුහුණු පහසුකම් සහිත ශිෂ්‍යත්ව පිරිනමා අනාගත ජයග්‍රහණ වෙනුවෙන් එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සූදානම් කිරීම වැදගත්ය.මේ අතරින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දක්වා නෙත්මි ගිය ගමණ සැකසුණු බිම ක්‍රීඩා අමාත්‍යරයාගේ අධීක්ෂණය යටතේ ඔහුම හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත්ව විමසා බලන්නේනම් එම ස්ථානය ඇය සහ ඇය සමඟ ජාතික මට්ටමේ ජයගනු ලබන පිරිස වෙනුවෙන් ඉදිකර දීම වැදගත් වනු ඇත.ඒ තව දුරටත් ඊට වඩා පෝෂ්‍යදායක බිම්වලට ලංකාවේ දක්ෂයන් යොමු කර ලෝකය ජය ගන්නන් බවට පත් කරන්නටය.

මේ මොහොතේ ශ්‍රී ලංකා පාපන්දුව ලෝකයේ සිටින ශ්‍රී ලංකේය සම්භවයක් සහිත පිරිස් ශ්‍රී ලංකාවේ පාපන්දු ජයග්‍රහණ වෙනුවෙන් එක් රැස් කරමින් සිටින බව අපට රහසක් නොවේය.ඒ ලාංකිකත්වයේ සහ මෙරට ක්‍රීඩාව අතර ඇති පරතරය සකස් වී ඇත්තේ වෘත්තිමය මටිටම,පහසුකම් සහ දැණුම නව්‍යකරණය වීම සමඟ මුසු තාක්ෂණය නිසාය.
“අපිට මොනවද ඒවා දැක්කම තියෙන්නෙ” කියන කතාව විදේශීය පහසුකම් සහ ලංකාවේ පහසුකම් සසඳමින්,ක්‍රිඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ද නිතර කියනු අසන්නට ලැබෙන්නේය.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු මහාචාර්යවරයා එවැනි බිම් සහ වෙනස්කම් ගැන දැක විඳ හොඳ අත්දැකීම් තියෙන අයෙක්ය.එසේම ඔහු ක්‍රීඩා කේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඉහළ අධ්‍යාපනික් පසුබිම යටතේම ලෝකයේ තවත් සබඳතා ද විවර කර ගත් සහ විවර කර ගන්නට අවශ්‍යය දැණුමේ යතුර සහිත පුද්ගලයෙක්ය.ඒ නිසා මා නොකරම 2024 ඔලිම්පික් ගමණට සැරසෙන අතරේම වඩාත් පලදායී වන්නේ 2028 සහ 2032 ඔලිම්පික් වෙනුවෙන් සූදානම් කරන්නට කාලයත් ඇති ඉහත සිව්දෙනා වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමය.

ඉන් මෙහාට 2028 වැනි ක්‍රීඩා උළෙලකට මීටර් 400 සූර අරුණ දර්ශන මෙන්ම මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම් ගැන ද අවධානය යොමු කර විශේෂ පුහුණු සැසි කරා යා යුතුව ඇත.ඒවා ද මලල ක්‍රීඩා සංගමය පමණක් නොවන ජාතික වගකීමකින් බැදී ක්‍රීඩා අමාත්‍යංශයද ජාතික වැඩ සටහනකට ගොනු කළ යුතුය.මලල ක්‍රීඩාව නොව වෙනත් ඕනෑම ක්‍රීඩාවක තත්ත්වය ද දක්ෂයන් වෙනුවෙන් සහ ඒ දක්ෂයන්ට ජාත්‍යන්තරව යා හැකි ගමන හඳුනාගෙන ඉදිරියට තල්ලු කිරීම වෙනුවෙන් වැදගත්ය.
අප නම් හතරක් ගෙන ආවේ මේ මොහොතට අදාළවය.එයට පෙරහැරක් සේ තව තවත් එකතු වන්නේනම් අපි සතුටු වන්නෙමු.රටක් හැටියට අපට වඩා පහසුකම් තිබෙන භූමි මත හොඳින් ලියලා වැඩෙන්නට ඒ දක්ෂයන් ඉන්දවාලීම වැදගත්ය.ඒ අතර පහසුකම් වැඩි දියුණු කරන තාක්ෂණික සහ පුහුණු දැණුම වැඩි දියුණු කරන තැනකට ලංකාව ගෙන ඒමට කටයුතු කිරීම ද වැදගත්ය.

ලංකාව ඇතුළත පුහුණුකරුවන් වෙනස් කිරීමේ කාර්යයකට ගිය ද,පුහුණු බිම්වල පහසුකම් බොහෝ දුරට සමානය.අධ්‍යාපනික පසුබිම්වල වැඩි වෙනසක් සහ දැණුම යාවත්කාලීන සහ නවීන මට්ටමට ඉහළ නංවා ගැනීමට ඇති පහසුකම් සහ ප්‍රගතියේ ද වැඩි වෙනස්කමක් සිඳු නොවනු ඇත.එහෙත් වඩා දියුණු දැණුමක් සහ පහසුකම් ඇති රාජ්‍යයකදී මේ තත්ත්වය වෙනස් බව අපේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ සියල්ලම පිළිගත යුතුය.
එසේම මේ වන විට උසස් අධ්‍යාපනය මෙන්ම විදේශ රැකියා අවස්ථා මෙන්ම දැණුම පෝෂණයට ඉහළ මාර්ග සම්බන්ධයෙන් සම්බන්ධිකරණය ලබා ගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදරිපත් වී සිටින https://web.facebook.com/myturnlk වැනි සමාජජාලා සමූහයක් සමග මේ කේෂ්ත්‍රය ගැන සාකච්ඡා කළ හැකිය.ලාංකේය උගත් බුද්ධිතුන්ගේ දායකත්වය ලබන මේ සමූහයේ සිටින ආචාර්ය නදීහා චන්ද්‍රසේන වැන්නියක සමඟ සාකච්ඡා කර මේ සඳහා අවශ්‍යය කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් ද ඒ සබඳතා යොදා ගැනීමට මෙන්ම myturn දායකත්වය පළල් කිරීමට ඔවුන් එකඟ කරවා ගැනීමට ද උත්සාහ කළ හැකිය.
ඒ අප දන්නා තොරතුරකින් දුන් ඉඟියක් වන අතර මහාචාර්ය ශෙමාල්ට ක්‍රීඩාව ගැන ඇති සබඳතා සහ දැණුම හරහා ඊට එහාට ගිය සබඳතා ඇත්නම් ඒ හරහා හෝ මේ ඔලිම්පික් උළෙලට පෙර සිටම 2028 සහ 2032 වෙනුවෙන් සූදානම් වීම අරඹමු යන්න අපේ යෝජනාවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan