*
Sunday, June 23, 2024
spot_img

Latest Posts

අපිට ද්‍රෝහීන් වෙන්න බැහැ. ඒ නිසා රට ගලවාගන්න අපි එකට වාඩි වෙනවා – රාජිත

කොළඹ LNW:ඉතිහාසය තුළ ද්‍රෝහීන් බවට පත්විය නොහැකි හෙයින් රට ගලවාගැනීමට එකට වාඩි වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ අනුව මන්ත්‍රීවරු 100ක් පමණ එකතු කරගත් සන්ධානයක් ගොඩනැගීමට සූදානම් බවයි සේනාරත්න මහතා සඳහන් කළේ.

මෙහිදී පක්ෂවලින් ඉවත් වීමක් සිදුනොවන අතර රට හදන වැඩපිළිවෙලට සියලු නායකයින්ට ආරාධනා කරන බව හෙතෙම කියා සිටියේය.

”මේ ජනාධිපතිවරණය ඓතිහාසික තීරණාත්මක මැතිවරණයක් වෙනවා.වැදගත් වෙන්නේ ජනාධිපති වෙන්නේ කවුද ජයග්‍රහණය කරන්නේ කවුද කියලා නොවෙයි, මේ රට ගොඩ ගන්නවාද නැද්ද යන්න තමයි තීරණය වෙන්නේ.මේ රට ගොඩ ගන්න පුලුවන් කවුද කියන එකයි වැදගත් වෙන්නේ.
ඒ නිසා බුද්ධිමත් අයට පුලුවන් නායකයා කවුද කියලා තෝරාගන්න. මේ IMF වැඩපිළිවෙළ වෙනස් කරන්න ගියොත් ප්‍රශ්න එනවා. ග්‍රීසිය ඒක කරන්න ගිහින් රට කඩන් වැටුනා. රනිල් වික්‍රමසිංහ මහතා මේ වැඩේ යම් තාක් දුරට ගෙනත් තිබෙනවා. මේ රටේ අර්බුදයක් වෙලත් හැමෝම කතා කරන්නේ තමන්ගේ පක්ෂය ගැනයි. කවුරු තනතුරු ගත්තත් මේ අර්බුදය එක්ක තනතුරු තියාගන්න බෑ. අපිට ජනතා ද්‍රෝහීන් වෙන්න බැහැ. ඒ නිසා රට ගලවාගන්න අපි එකට වාඩි වෙනවා. සන්ධානය මගින් අපි සියලු නායකයන්ට කතා කරනවා. අපි මන්ත්‍රීවරු 100 ක් පමණ එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉන්න පක්ෂ වල ඉන්නවා. ඒ ඉන්න ගමන් තමයි මේ සන්ධාන ලෙස එකතු වෙන්නේ. දේශපාලන වශයෙන් අතරමං වුණ ජනතාවට පැහැදිලි නායකත්වයක් ලබා දීම අපේ අරමුණයි. පැහැදිලිව ජනාධිපතිවරණය පවත්වනවා. මම මේ ගැන ජනාධිපතිතුමාගෙන් ඇහුවා.ජනාධිපතිතුමා කිව්වේ ජනාධිපතිවරණය පවත්වන බවයි.

දැනට වැඩිම තිබෙන්නේ Floting Votes. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවක් පේන්න නෑ. ඒ අය පෙන්වන බලයක් නෑ. IMF එක ඉතා හොදයි.හොද නෑ කියන්න තරම් නරුමයෙක් නොවෙයි මම. මේ රට තිබෙන්නේ ඉතා භයාණක තැනක.අපි වංගු ගහන්න ගිහින් IMF එක ඉවත් උනොත් අපිට LC එකක්වත් ඕපන් කරගන්න බැරි තත්ත්වයට පත් වේවි. මේක කඩාකප්පල් නොකළ යුතුයි. මේ රට මේ තත්ත්වයට පත් කළෙත් ඔය ආචාර්යවරයෙක්නේ. රට විනාශ කරලා බලය අරන් වැඩක් නෑ. මට ඕන මේ රට ගොඩදාන පිරිසක් වෙන්න. 69 ලක්ෂය එකතු කරන්න හදන අන්තවාදීන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ අයට 69 ලක්ෂයක් තියා 6900 ක් වත් එකතු කරගන්න ලැබෙන්නේ නෑ.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

අද (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan