*
Sunday, June 23, 2024
spot_img

Latest Posts

ලාංකේය ක්‍රිකට් ක්‍රිඩිකාවන්ට කොදෙව්වන්ට එරෙහිව පළමු තරගයේ ජය

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 15, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6 න් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.තරගයේ සෑම අංශයකදීම ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු යැවීමෙන්,පන්දුවට පහර දීමෙන් සහ පන්දු රැකීමෙන් කොදෙව් ක්‍රිඩිකාවන්ට වඩා දස්කම් දැක්වීම කැපී පෙණුනා.


කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට කොදෙව් ක්‍රිඩිකාවන්ට ආරාධනා කළ චමරි ඉනික්බිති සිය පන්දු යවන්නියන් අපූරුවට මෙහෙයවමින් කොදෙව් ඉණිම ලකුණු 195 ට සීමා කරන්නට සමත් වුණා.හොඳීන් පන්දු යැවීම මෙන්ම හොඳින් පන්දු රැකීමද මත දැඩි පීඩනයකට ලක්ව ක්‍රිඩාකළ කොදෙව් පිතිකාරිණියන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරන්නට සමත් වුණු නායිකා හේලි මැතිව්ස් ලකුණු 38 ක් ලබා ගත්තා.ස්ටෙෆනි ටේලර් ලකුණු 33 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ගොඳුරු වුණා.ෂර්වින් කැම්බෙල්ගේ දායකත්වය ලකුණු 27 ට සීමා වුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් වෙනුවෙන් සුගන්ධිකා කුමාරි ලකුණු 30 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර කවීශා දිල්හාරි ලකුණු 41 ට කඩුලු 3 ක් ලබා ගන්නට සමත් වුණා.


පිළිතුරු ඉණිමට මනා ආරම්භයක් ලබා දුන් විශ්මි ගුණරත්න (40) සහ නායිකා චමරි අතපත්තු (38) ළමු කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 13.2 ක් ගෙවෙන තැන ලකුණු 88 ක මුල් කඩුල්ලේ සබඳතාවයක් එකතු කරන්නට සමත් වුණා.කවීශා ගයත්‍රි චමරිගේ දැවී යමෙන් පසුව පිතිකරණ නාම ලේඛණයේ උසස්වීමක් ලද අංත හතර පිතිකරු හැටියට පැමිණියත්,ඇය වගකීමකින් තොරව පහර දීමට යාමේදී ලකුණු නොලබා දැවී ගියා.


හර්ෂිතා සමරවික්‍රම නැවත වරක් තමන් ගණ්ඩායමේ නැංගුරම බව සනාත කරමින් කල්පනාකාරී ඉණිමක් නොදැවී ක්‍රීඩා කරන්නට සමත් වුණා.තරගය නිමා කරන්නට නිලක්ෂි ද සිල්වා තමන් මුහුණ දුන් දෙවන පන්දුවටත් පළමු පන්දුවට මෙන්ම හතරේ පහරත් එල්ල කරද්දී හර්ෂිතා නොදැවී ලකුණු 44 ක් ගෙන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීයා වෙමින් කඩුල්ලේ නොදැවී සිටියා.තරගය පන්දු ඕවර් 50 ට මෙපිට පන්දු ඕවර් 34 1 දී අවසන් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.විශ්මි ගුණරත්න ලකුණු 43 ක්,චමරි අත්පත්තු ලකුණු 38 ක් සහ හසිනි පෙරේරා ලකුණු 43 ක් එකතු කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කරනු ලැබුවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බොහෝ වරප්‍රසාද භාවිතා කිරීමේදී පිරිමි කණ්ඩායම සහ සම තත්ත්වයේ සළකනු ලබන අතර මේ වන විට අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ද බොහෝ පලදායී ක්‍රීඩිකාවන් සොයා ගන්නට හැකි වී තිබෙන බව පෙනෙන්නට ඇත.ඒ සැළසුම්වල පියවරක් හැටියට රටට සතුටි විය හැකි ප්‍රතිපල ලබා දෙන කාන්තා ක්‍රිකට් දායකත්වයට අපද සුබ පතන්නෙමු.පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවය.
https://es.pn/3KKayA1

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan