අස්වැසුමේ ලක්ෂ 37ක් පිල්ලි ගැසූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනිය රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

“අස්වැසුම” සහනාධාර මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් ජුනි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඇයව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පුද්ගලයින් පිරිසකගේ ගිණුම්වලට බැර කළයුතු රුපියල් 3,781,000 ක මුදලක් තම හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලට බැරකර ඇතැයි ඇයට චෝදනා එල්ල වී ඇති අතර පසුගිය 13 වනදා ඇයව ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඒ, කොලොන්න ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...