ඉරානය හා ඊශ්‍රායලය අතර ප්‍රහාර තවදුරටත්; ඊශ්‍රායලයට සහය නොදක්වන්නැයි ඇමරිකාවට, බ්‍රිතාන්‍යට හා ප්‍රංශයට අනතුරු ඇඟවීම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය අතර ප්‍රහාර අඛණ්ඩවම ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉරානය හයිෆා සහ ටෙල් අවිව් නගර ඇතුළුව ඊශ්‍රායලය පුරා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් ඉරානය පුරා සිවිල් සහ බලශක්ති යටිතල පහසුකම්, න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියට අදාළ ස්ථාන වෙත බෝම්බ හෙලා ඇති අතර පසුගිය දින දෙක තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු මිය ගොස් තවත් 800 දෙනෙකු තුවාල ලබා තිබේ.

මීට අමතරව ඉරානය විසින් ඊශ්‍රයලයට එරෙහිව දියත් කරණු ලබන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා විනාශ කළහොත් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය මෙන්ම ප්‍රංශයට ඔවුන්ගේ හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කරන බවට අනතුරු අඟවා ඇති.

මේ වන විට හයවන වරටත් ඉරානය විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික ගිවිසුම් ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ජනතාවට එල්ළවන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරියේ දී මෙරට...

ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරි 2026 වර්ෂයේදී...

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...