*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/15

  1. ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2023.06.06 පැවති රු. 297.94 සිට 2023.06.14 වන විට රු. 319.00 දක්වා රු. 21.08 කින් (7.07%) දැවැන්ත ලෙස අවප්‍රමාණය වෙයි: මෙවන් අස්ථාවර තත්ත්ව යටතේ ව්‍යාපාර කිරීම සිදුකළ නොහැකි බව ව්‍යාපාරික ප්‍රජාව අනතුරු අඟවයි: “hot-money” ආකාරයේ මුදල් ගලා ඒම් ප්‍රතිවර්තනය වීම ආරම්භ වී තිබීමට ඉඩ ඇති බව විද්වත්හු පෙන්වා දෙති.
  2. විදුලි බිල් ගෙවීම් ප්‍රමාද වූ බොහෝ විහාරස්ථානවල විදුලිය සැපයුම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති: මෑත දින සිදුවූ විදුලිය ගාස්තු සංශෝධනයට විසඳුමක් වශයෙන් ආගමික ස්ථානවලට සූර්ය පැනල ඇතුළු කුමන හෝ අන්දමක සහනයක් ලබා දීමට රජය කටයුතු කර නැති බව ද පවසති.
  3. එළඹෙන 2023 ජූනි 22 සහ 23 වන දිනයන්වල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායක සමුළුවේ (Global Leaders Summit for a New Global Financing Pact) ඉහළ විද්වත් සාකච්ඡා මඬුල්ලක් ඇමතීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කරයි.
  4. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “දමිළ බුද්ධාගම” ඓතිහාසික සාක්ෂියක් ලෙස හඳුනා ගැනීමට කටයුතු කිරීම “බොහෝ අවහිරතාවලට තිබෙන විසඳුම” බව විපක්ෂ පා.ම. මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් හරහා පවසයි.
  5. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිඳු ගැටීමක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි: එවන් ගැටුමක් තිබෙන බවට ඇතැම් පුද්ගලයන් විසින් උළුප්පා පෙන්වීමට කටයුතු කරන බව පවසයි: ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව රජය විසින් ගෙන යන වැඩසටහන හරහා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇති බවට ජනතාවට දැඩි විශ්වාසයක් පවතින බව ද පවසයි.
  6. බන්ධනාගාරවල තදබදය 259% කින් ඉහළ ගොස් අති බව පොදු ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වෙයි: රට පුරා තිබෙන සියලු බන්ධනාගාරවල ධාරිතාවය පුද්ගලයන් 11,762 වන පසුබිමක, සිරකරුවන් 26,791 දෙනෙකු බන්ධනාගාරවල තබා ඇති බව සඳහන්: ඇතැම් බන්ධනාගාරවල තදබදය 300 – 400% දක්වා ඉහළ ගොස් තිබෙන බව ද අනාවරණය වෙයි.
  7. “මෙරට විදේශ විනිමය සංචිත නැවත ගොඩ නැඟීම දිගටම පවත්වා ගෙන යෑමේ” අරමුණින් රජය විදේශ විනිමය ප්‍රාග්ධන පාලනය තවත් මාස 6කින් දීර්ඝ කරයි: “ප්‍රේෂණ සහ සංචාරක ආදායම්” මත රටේ විදේශ විනිමය සංචිත “බිංදුවේම මෙන් වූ තත්ත්වයක” සිට ඇ.ඩො. බිලියන 3.5 කට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ ගිය බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි: කෙසේවෙතත්, අමාත්‍යවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බව මහ බැංකු දත්ත පිරික්සීමේදී පසක් වෙයි: වත්මන් සංචිත සෑදී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ඇ.ඩො. බිලියන 2 ක ද්විපාර්ශ්වික ස්වප් (SWAP) පහසුකම මත ලැබුණු මුදල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඇ.ඩො. බිලියන 0.35 ක ණය, සහ ඇ.ඩො. බිලියන 0.65 ක හදිසියේ ගලා ආ “Hot-money” ආකාරයේ ආයෝජන මත බවට මහ බැංකු දත්ත පෙන්වා දෙයි: 2022 මාර්තු අවසානවන විට විදෙස් සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 1.9 ක පැවති බවට ද මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
  8. විදෙස් ගමන් තහනමකට ලක්ව සිට ඉකුත් පෙබරවාරි 25 වන දින කටුනායක ගුවන් තොටුපොලින් පිටව යාමට ගුවන් තොටුපොල පොලීසිය විසින් ඉඩ ලබා දී තිබූ රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ නැමැත්තා ජූනි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
  9. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කටුපොල් වගාව සම්බන්ධ අදාළ අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව නිකුත් කරන වාර්තාව විසින් පාම් තෙල් භාවිතය සම්බන්ධයෙන් වෙනස් ආකාරයේ නිගමනයක් ලබා දෙන තුරු පාම් තෙල් තහනම දිගටම පවතිනු ඇති බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි: මහවැලි භූමිවල කටුපොල් වගාව සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව ද අදාළ අධ්‍යයනය විසින් සොයා බලනු ඇති බවට පවසයි.
  10. අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරුවරුන් 7,500 කට සහ භාෂා මාධ්‍ය තුනේම උපාධිධාරී ගුරුවරුන් 5,500 කට නව පත්වීම් ජුනි 16 වන දින ප්‍රදානය කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි: වයස අවුරුදු 35 ට අඩු උපාධිධාරී ගුරුවරුන් විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂා, භූගෝල විද්‍යාව සහ වාණිජ විද්‍යාව වැනි විෂයයන්වලට අනුයුක්ත කරන බවට ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan