අලි සබ්රි රහීම්ගේ සිදුවීම ගැන කතානායකවරයා වාර්තාවක් කැඳවයි .

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරටට නීති විරෝධීව ජංගම දුරකතන තොගයක් හා රත්‍රං  ගෙන ඒම හේතුවෙන් වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ගේ සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

අලි සබ්රි රහිම් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින්ගෙන් අදහස් ඉදිරිපත් වී ඇති නමුත් එවැනි තත්ත්වයක් තුළ අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවා ඇති බවයි  කතානායකවරයා පවසන්නේ .

පසුගිය 23 වැනි දා පුත්තගම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් අත්අඩංගුවට ගැණුනේ, කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සහ ජංගම දුරකතන අනු එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය. රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමෙන් පසුවයි ඔහු නිදහස් කෙරුණේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...