ෆැන්ටසියෙන් ඔබ්බට : අර්නොස්ටෝ චේ ගවේරා …

Date:

චේ ගුවේරාගේ උපන් දිනය යෙදී ඇත්තේ අද දිනටය. අසූ අට, අසූ නමය කාල වකවානු තුල චේ යනු අපට ජාත්‍යන්තර වාදී බාවිතාවෙන් අගතැන්පත් වීර කාව්‍යයක් බඳු චරිතාපදානයක් විය. නමුත් අනූ හතරෙන් පසු මා ට්‍රොස්කි වාදය හැදෑරීමට පටන්ගත් පසු මට වැටහුනේ මාක්ස් සඳහන් කරන ජාත්‍යන්තර වාදය යනු ධනවාදය මුහුකුරා යෑම තුල ප්‍රාග්ධනයේ ගෝලීයකරණයවීම තුල බිහිවෙන ජාත්‍යන්තර කම්කරු පන්තියේ සාමූහික ක්‍රියාකාරකමක් මිස බෝට්ටුවක තුවක්කු ගත් දහපහලොස් නෙකු පටවගෙන රටකට ගොඩ බැස උඩින් තැබීමට හැකි දෙයක් නොවන බවය…

ඒ අනුව ට්‍රොස්කිවාදය අනුව චේ ගුවේරා යනු සවිඥ්ඥානික මාක්ස්වාදියෙක් නොවේ. ඔහු තැන්තැන් වල යන අනුරාගී ගරිල්ලාවාදියෙක් පමණි..චේ ගුවේරාට අනුව සමාජවාදී විප්ලවයක් සඳහා නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සඹඳතාවල සහ ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර හා ඓතිහාසික මොහොත සහ විෂයමූල හා මනෝමූල තත්වයන් කිසිවක් අදාල නැත..මෙහිදී චේ ගුවේරාගේ බාවිතාව යනු ස්ටාලින්වාදී ඉගැන්වීම් වල උපරිම එකවේ.

ඒ කෙසේ වෙතත් මා දැන් ස්ටාලින්වාදියෙක් මෙන්ම ට්‍රොස්කි වාදියෙක්ද නොවෙමි. කොටින්ම මා දැන් කිසිම වාදියෙක් නොවෙමි. වාදියෙක් වීම තුල අපට වෙන අවාසිය නම් වෙනත්දෑ හෑදෑරීමට නොහැකි ලෝකයට අන්ද පුත්ගලයෙක් බවට අප පත්වීමයි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...