ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW):

මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදනය සහ කිරි පැකට් නිෂ්පාදනය යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව හෙළිව ඇති අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලය තුලදී මෙය සිදුවී ඇති බව විගණන වාර්තාවක සඳහන් වේ.

අදාළ ඖෂධ නිෂ්පාදන ආයතනය කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ගෙන්වා නොමැති අතර 2017 -2021 කාලවකවානුවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි පැකට් නිෂ්පාදනය යන්ත්‍රයක් මෙන්ම කිරි ගබා කරන උපකරණ, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බවත් විගණන වාර්තාවේ දක්වා ඇත.

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල බවට තහවුරු වූ ඉමියුනොග්ලොබියුලීන් නිෂ්පාදනය කරනු ලැබූ අදාළ සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදි අදාළ සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිදු පහසුකමක් නොතිබුණු බවටද සනාථ වී තිබෙන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!