ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඉන් ටෝකියෝ 2024 උළෙල ජපානයේ දී!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ සහ අද දිනයන්හි දී දේශීය දෑ ජපානය තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඉන් ටෝකියෝ 2024 උළෙල ජපානයේ දී පැවැත්වෙන බව සඳහන් වේ..

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය හා වාහන ආනයනකරුවන්ගේ සංගමය එක්ව මෙම උළෙල සංවිධාන කර ඇත.

මෙය සෑම වසරකම පාහේ ජපානයේ දී පැවැත්වෙන අතර කොරෝනා හේතුවෙන් පසුගිය වසර 4 දී පැවැත්වීමට නොහැකි වූ බව පැවසේ.

උත්සවයේ ආරම්භක අවස්ථාවට ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ මෙන්ම ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා , ජපන් ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක , ප්‍රධාන සංවිධායක ජිතේන්ද්‍ර සමරවික්‍රම යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

මෙවර උළෙල සදහා ජපන් ජාතිකයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගී විමට නියමිතයි.

මෙම උළෙලේ දී ශ්‍රී ලංකාවේ විශේෂ කෑම වර්ග, රස කැවිලි ආදි ආහාර රැසක් ප්‍රදර්ශනය කෙරෙන බවද වාර්තා වේ.

එමෙන්ම සංචාරක , ආයුර්වේද , මැණික්, අත්කම්, රූපලාවණය ඇතුල ක්ෂේත්‍රවල නිර්මාණ ද ඊට ඇතුලත් වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...