*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙනවා – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW):

දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙන බවත්, මෙම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය සඳහා ද මෙම දිස්ත්‍රික්කය තුළ ඉහළ විභවතාවක් පවතින බවද කියා සිටියේය.

මන්නාරම ප්‍රදේශ තුළ සුළං සහ සූර්ය බල ශක්තිය නිපදවීමට ඇති හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින්, එම බලශක්තිය නිෂ්පාදනය කර ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුනි.

මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත්, මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කළේය.

මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අහිමි වූ සංවර්ධනය නැවත ලබා දෙන බවත් එම වැඩපිළිවෙළ මෙම වසරේදි ආරම්භ කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් පැවසූවේ,

දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකියි. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය සඳහා ද මෙම දිස්ත්‍රික්කය තුළ ඉහළ විභවතාවක් පවතිනවා.මෙම ප්‍රදේශ තුළ සුළං සහ සූර්ය බල ශක්තිය නිපදවීමට ඇති හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම බලශක්තිය නිෂ්පාදනය කර ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

හරිත බලශක්තිය උත්පාදනය කිරීම සඳහා උතුරු පළාතේ විශේෂ හැකියාවක් තිබෙනවා. වැව් මත සූර්ය පැනල බලාගාර ඉදිකිරීම සහ සුළං බලාගාර ඉදිකිරීම මගින් විශාල බල ශක්තියක් උත්පාදනය කළ හැකියි.එම බලශක්තිය ඉන්දියාවට සහ අනෙක් රටවලට අළෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකියි. හරිත බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් මඟින් හරිත ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.

මන්නාරම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. පුත්තලම හරහා මන්නාරමට පැමිණීමේ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර පිළිතුරක් ලබාදිය හැකියි. මන්නාරම රෝහලට අදාල CT ස්කෑන් යන්ත්‍රයක්ද ලබාදීමට කටයුතු කරනවා.නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සංවර්ධන කමිටුව රැස්ව සාකච්ඡා කර යෝජනා ලබා දෙන ලෙස දන්වා සිටීමට කැමතියි.

මේ ප්‍රදේශයේ තිබෙන වැව් ආරක්ෂා කිරීම හා මල්වතු ඔය ව්‍යාපාරයෙන් මන්නාරමට පැමිණෙන ජලය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ඉදිරි දශක පහ ඇතුළත තෙත් කලාපවල වැසි වැඩිවීමත් වියළි කලාපවල වැසී නොමැති තත්ත්වයක් ඇතිවන බවටත් පුරෝකථනය කර තිබෙනවා. එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා දැන් සිට අප ක්‍රියාත්මක විය යුතුයි.

මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය පවතින්නේ එම වන්දනාකරුවන් සඳහායි. ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගයේ තිබෙන්නේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහායි. එබැවින් වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ලක්ෂ තිහක දඩයක් පනවනවා නම් එය සාධාරණ කටයුත්තක් ලෙස මා දකින්නෙ නැහැ.

එම නිසා මන්නාරම රදගුරු පදවියේ නියෝජිතයෙක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙම මාර්ගය පවිත්‍ර කර සංවර්ධනය කර දෙන්න. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර මෙම කටයුතු අවසන් කර දෙන ලෙස දන්වා සිටීමට කැමතියි.

මන්නාරම නගරයට ඇතුළුවන ස්ථානයේ ආරක්ෂක අංශ යොදා තිබෙන මුරකුටිය ඉවත් කිරීම එකවර සිදු කිරීමට නොහැකියි.

ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධනය අප ඉදිරියේ දී ලබා දෙනවා. මෙම වසරේදි එහි මූලික අඩිතාලම තැබීමට බලාපොරොත්තු වෙනවා.

මට අවශ්‍ය වුණේ මන්නාරම අවට සිදුවන මෙම පුළුල් සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ඔබව දැනුවත් කිරිමටයි. ඒ නිසා ඔබ කිසිවෙකුට හසු විය යුතු නැහැ. අප සියලුදෙනා එක්ව මෙම ප්‍රදේශයේ පුළුල් සංවර්ධනයක් සිදු කර මෙරට ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට මන්නාරම දිස්ත්‍රික්කය පත් කරමු”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan