Mayday! Mayday! Mayday! එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය!

Date:

සටහන – පුලී
ජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එයාර් ඉන්දියා ගුවන් යානයේ නියමු කපිතාන් සුමීත් සභාර්වාල් අහමදාබාද් ගුවන් ගමනාගමන පාලන මණ්ඩලයට යැවූ අවසන් ගුවන් විදුලි පණිවිඩය ‘Mayday’ ඇමතුමකි.

“Mayday” යනු ජාත්‍යන්තර ගුවන්ගමන් ක්ෂේත්‍රයේ මාරක අනතුරකදී භාවිතා වන හදිසි සංඥා වචනයකි.

ගුවන් සේවා බලධාරීන්ට අනුව, ඉකුත් ජුනි 12 වන බ්‍රහස්පතින්දා අහමදාබාද්හි ගුවන් සේවා පාලන මධ්‍යස්ථානයට කපිතාන් සභාර්වාල් යැවූ පණිවිඩයෙන් තත්පර කිහිපයකට පසු AI 171 ගුවන් යානය කඩා වැටුණි.

සෙනසුරාදා මාධ්‍යවේදීන් අමතමින් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්.කේ. සිංහා පැවසුවේ; ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු අඩි 650 ට වඩා ඉහළට නැගීමට අපොහොසත් වූ බවත්, නියමුවන් ගුවන් සේවා පාලක මැදිරියට ආපදා ඇමතුමක් ලබා දුන් බවත් ය.

ආපදා ඇමතුමෙන් තත්පර කිහිපයකට පසු, ගුවන් සේවා පාලක මැදිරිය ප්‍රතිචාර දැක්වූ නමුත් ඒ වන විට යානය කඩා වැටී තිබූ අතර, යානයේ සිටි පුද්ගලයින් 241 දෙනෙකු මිය ගොස් තිබුණි. සිද්ධියෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා ලෙස 11A හි අසුන්ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හඳුනාගෙන තිබේ.

නියමුවාගේ අවසාන පණිවිඩය කුමක්ද?

ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්.කේ. සිංහාට අනුව, “Thrust not achieved… falling… Mayday! Mayday! Mayday!”  යනු ගුවන් සේවා පාලක මැදිරියට නියමුවාගේ අවසාන පණිවිඩයයි.

ගුවන් සේවා බලධාරීන්ට අනුව, යානය පස්වරු 1:39 ට ගුවන් ගත වූ අතර තත්පර කිහිපයකට පසු අඩි 650 ක උසකට ළඟා වූ පසු එය පහත් වීමට පටන් ගෙන තිබේ.

හරියටම මිනිත්තුවකට පසු, ගුවන් තොටුපළේ සිට කිලෝමීටර දෙකක් දුරින් පිහිටි මේඝානිනගර්හිදී යානය කඩා වැටිණි.

ඉකුත් බ්‍රහස්පතින්දා අහමදාබාද්හි සිදු වූ ගුවන් අනතුරින් මුළු පුද්ගලයින් 270 දෙනෙකු මිය ගොස් තිබේ. මෙයට ලන්ඩන් බලා යන ගුවන් යානයේ සිටි පුද්ගලයින් 241 දෙනෙකු සහ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයට යානය කඩා වැටීමෙන් පසු මියගිය පුද්ගලයින් 29 දෙනෙකු ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...