ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

Date:

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී නගරය ගොඩනැගීමට කටයුතු කරමු ලෙස කොළඹ මහ නගර සභාවේ 26 වෙනු පුරපතිනිය ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මුලසුන හොබවමින් පැවසුවාය.

පාර්ලිමේන්තුව මෙන් නොව සභාවම එකතු වී කොළඹ නගරය ගොඩනැගිය යුතුව ඇති බවයි ඇය සඳහන් කළේ.

ඓතිහාසික නගර සභාවක් ලෙස සියලු දෙනා එකට එකතු වී ලොකු ගමනක් යාමට තිබෙන බවද ඇය අවධාරණය කරන ලදී.

මේ අතර බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණි.

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙ.ව 9.30ට ආරම්භ වූ අතර නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති පත්කරගනිමෙන් අනතුරුව අදට එහි කටයුතු අවසන් විය.
.
ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...