සුරේෂ් සලේ විසින් තමන් සතු ඩිජිටල් උපාංගවල ඇති දත්ත ලබාදීම යුක්තිය ඉටුකිරීමට ඇති එකම මගයි – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW :

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට සහාය වීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සතු තොරතුරු හෙළි කරන ලෙස රජය කළ ඉල්ලීම පිළිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරන්නේ, විමර්ශන නිලධාරීන්ට බාධා කරනවා වෙනුවට සුරේෂ් සලේ මහතා විසින් තමන් සතු ඩිජිටල් උපාංගවල ඇති දත්ත ලබාදීම යුක්තිය ඉටුකිරීමට ඇති එකම මග බවයි.

දැනට රැඳවුම් භාරයේ පසුවන ඔහුට කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන බවත්, සාමාන්‍ය නීතිමය ක්‍රමවේදය යටතේ ඔහුව රඳවා තබා ඇති බවත් පැවසීය.

කෙසේ වෙතත්, රජය ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය පහසුකම් ප්‍රමාදයකින් තොරව සලසා දී ඇති බව තහවුරු කරයි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවේ,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කිරීම නොවෙයි. තමන්ගේ ලැප් එකේ හෝ ෆෝන් එකේ හෝ තිබෙන තොරතුරු ලබාදෙන්න. ඒක හංගන් හිටියට තේරුමක් නෑ…””මහජන ආරක්ෂක අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා සුරේෂ් සලේ මහතා විසින් සමහර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය බව පැවසු විගස ප්‍රමාදයකින් තොරව ලබා දී තිබෙනවා කියලා. රෝහලේදී ඥාතීන්ට බලන්න අවසර දිලා තියෙන්නේ. ආහාර ලබා දෙන්නේ ඥාතීන් විසින්. එයා ඉල්ලා හැමදේම ලබා දෙමින් ඉන්නවා.” 

“ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් හඳලා නෑ. මීට පෙර කට්ටිය රඳවාගෙන සිටිය විදියටමයි එයාවත් රඳවාගෙන සිටින්නේ. මීට පෙර සිටි අය එහෙම කම්ප්ලේන් කළා කියලා දැනුම්වත් වීමක් නෑ. සලේ මහත්තයා වෙනුවෙන් වෙනම සිර කුටියක් අපි හදලා නෑ. සමාන්‍ය ක්‍රමයටමයි ඇතුළත් කරලා තියෙන්නේ. කලින් ආණ්ඩුවලත් රැඳවුම් නියෝග මත සිරකරුවෝ හිටපු විදියටම තමා ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍යකරණ පෝෂණය දෙනවා. සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒ ගැන දැඩිව අවදානයෙන් ඉන්නවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...