රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW :
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche, මහතා සහ ශ්රී ලංකා ජාතික කාන්තා කොමිෂන් සභාවේ නව සභාපතිනිය වන ග්රේස් ආසිර්වාදම් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.
2024 අංක 37 දරන කාන්තාවන් සබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති මෙම ස්වාධීන ආයතනයේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්ය තාක්ෂණික සහාය සහ මගපෙන්වීම ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහිදී ප්රතිඥා දී ඇත.
කොමිෂන් සභාවේ ආයතනික ව්යුහය ශක්තිමත් කිරීම, ප්රතිපත්ති සම්පාදනය සහ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණය පවත්වා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සමානතාවය ප්රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයම සිය කැපවීම මෙහිදී යළිත් තහවුරු කර ඇත.
මෙම සහයෝගීතාවය හරහා මෙරට කාන්තා පරපුර සබල ගැන්වීමේ ජාතික අරමුණු ඉටු කර ගැනීම අපේක්ෂා කෙරේ.


