ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම සම්බන්ධයෙන් ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍යවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රටපුරා විරෝධතා

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගිය මැයි මස 03වන දින පැවැත්වූ ජාතික වෛද්‍ය ප්‍රවේශ විභාගය හෙවත් ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ විභාගයේ (NEET) ප්‍රශ්න පත්‍ර කාන්දු වීම හේතුවෙන් ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉවත් කරන ලෙස රටපුරා විරෝධතා ඇතිව තිබේ.

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල පුරප්පාඩු 130,000 කට වඩා අඩු සංඛ්‍යාවක් වෙනුවෙන් මිලියන දෙකකට අධික අපේක්ෂකයන් තරඟ වදින අතර ප්‍රශ්න පත්‍ර කාන්දු වීම හේතුවෙන් තිදෙනෙකු සියදිවි නසාගෙන ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරය වෙනුවෙන් තරුණ අසහනය විරැකියාව හා ආර්ථික දුෂ්කරතා වෙනුවෙන් මැදිහත් වන කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂය (Cockroach Janta Party) මුලිකත්වය ගෙන කටයුතු කරන අතර නිතර නිතර ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පරීක්ෂා කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් මහජන කෝපය රට පුරා වර්ධනයව ඇත.

කෙසේ නමුත්, මෙම විරෝධතාවයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මොදී කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති අතර එක් අතකින්, අගමැතිතුමා තරුණයින් වෙනුවෙන් බොහෝ දේ කළ බව කියා සිටියත්, අනෙක් පැත්තෙන්, ශිෂ්‍ය සියදිවි නසාගැනීම් සහ ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් සංඛ්‍යාව ගැන ඔහු සම්පූර්ණයෙන්ම නිහඬ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...