2026- G7 සමුළුව ප්‍රංශයේදී ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
මෙවර G7 ලෝක නායකයන්ගේ සමුළුව 2026 ජුනි 15 -17 දක්වා ප්‍රංශයේ ඒවියන්-ලෙස්-බෙයින්ස් හි ජිනීවා විලෙහි වෙරළ තීරයේ පැවැත්වේ.

මෙවර සමුළුවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමා, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජපාන අගමැතිනි සනේ ටකයිචි, ජර්මනියේ චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන්, යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සම්බන්ධ වේ.

නිශ්චිත සාකච්ජාවන් සඳහා ඊජිප්තුව, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැද පෙරදිග නායකයින්ට මෙන්ම යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හට ආරාධනා කර ඇත.

මෙවර සමුළුවේ ප්‍රමුඛ මාතෘකා අතර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම අරමුණු කරගත් මෑත කාලීන එක්සත් ජනපද-ඉරාන ගිවිසුම , යුක්රේනයේ රුසියාවේ යුද්ධය අවසන් කිරීම, ඊශ්‍රායලය ලෙබනනයේ ප්‍රහාරය දිගටම ක්‍රියාත්මක ද නැතිද යන්න, ගෝලීය ආර්ථික අසමතුලිතතාවයන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අඩු මූල්‍යකරණය කළමනාකරණය කිරීමට ප්‍රමුඛත්වය දීම ප්‍රධාන වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...