ජනපතිගේ විදෙස් සංචාරයෙන් පසු පොහොට්ටුවට ඇමතිකම් දේවි – ප්‍රසන්න (VIDEO)

Date:

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාලා සහ ජනාධිපතිතුමා අතර ගැටුමක් තියෙනවාද ?

“නෑ ඉතින් ඊයේ ඒක හොඳටම පැහැදිලි වුණා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවේදී, කොන්දේසි විරහිතව රාජ්‍යය ගෙනියන්න ජනාධිපතිතුමාට සහාය පළ කරලා තියෙනවා”

ප්‍රශ්නය – කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙයිද දිස්ත්‍රික් නායකයින්ට ?

“ඒක ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පක්ෂ නායකයින් සමග ඉදිරියේදී වෙන සාකච්ඡාවලදී තීන්දු වෙන පරිදි ඉදිරියට වෙයි. අපි යෝජනා කරලා තියෙන්නෙ ව්‍යවස්ථානුකූලව ඒ කටයුත්ත කරන්න කියලා. මං හිතනවා ජනාධිපතිතුමා විදේශගත වෙලා ආවායින් පස්සේ ඒ පිළිබඳව තීරණයක් ගනීවි”

ප්‍රශ්නය – ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන්ද ආණ්ඩුව සහ පොහොට්ටුව අතර ගැටුමක් නෑ කියලා ?

“මට අද තත්වය අනුව කියන්න පුළුවන් ගැටුමක් නැහැ කියලා. මට අනාගතය ගැන කියන්න බෑ”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...