ජනපතිගේ විදෙස් සංචාරයෙන් පසු පොහොට්ටුවට ඇමතිකම් දේවි – ප්‍රසන්න (VIDEO)

Date:

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාලා සහ ජනාධිපතිතුමා අතර ගැටුමක් තියෙනවාද ?

“නෑ ඉතින් ඊයේ ඒක හොඳටම පැහැදිලි වුණා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවේදී, කොන්දේසි විරහිතව රාජ්‍යය ගෙනියන්න ජනාධිපතිතුමාට සහාය පළ කරලා තියෙනවා”

ප්‍රශ්නය – කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙයිද දිස්ත්‍රික් නායකයින්ට ?

“ඒක ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පක්ෂ නායකයින් සමග ඉදිරියේදී වෙන සාකච්ඡාවලදී තීන්දු වෙන පරිදි ඉදිරියට වෙයි. අපි යෝජනා කරලා තියෙන්නෙ ව්‍යවස්ථානුකූලව ඒ කටයුත්ත කරන්න කියලා. මං හිතනවා ජනාධිපතිතුමා විදේශගත වෙලා ආවායින් පස්සේ ඒ පිළිබඳව තීරණයක් ගනීවි”

ප්‍රශ්නය – ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන්ද ආණ්ඩුව සහ පොහොට්ටුව අතර ගැටුමක් නෑ කියලා ?

“මට අද තත්වය අනුව කියන්න පුළුවන් ගැටුමක් නැහැ කියලා. මට අනාගතය ගැන කියන්න බෑ”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...