අද විවෘත වූ කන්කසන්තුරය නව මගී පර්යන්තය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වරාය, නාවික, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් , ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් වැඩ අවසන් කළ කන්කසන්තුරය වරායේ මගී පර්යන්තය විවෘත කිරීම අද (16)  සිදු කර ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සේවය මගින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා දෙස් විදෙස් මගීන්ගේ ආගමන විගමන කටයුතු මෙන්ම රේගු නිශ්කාෂණ කටයුතු සිදුවන අතර පසුගිය පෙබරවාරි මස පළමුවනදා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා.

මෙම නව මගී පර්යන්තයේ අළුත්වැඩියා සහ නවීකරණ කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදු කර ඇත .

මෙම  නව මගී පර්යන්තය විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දියාවේ සිට කන්කසන්තුරය වරායට පැමිණි “MV Empress” නැමති පළමු සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ කපිතාන් ඇතුළු මෙහෙයුම් කාර්ය මණ්ඩලය ද එක්ව ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...