*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ජනතාවට බොරු කළා ඇති, දැන්වත් ඇත්ත කියන්න – විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට කියයි (VIDEO)

රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වුවත් වර්තමාන රජය පමා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට හානිදායක, ජනතාවට වින කරන දුර්වල ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය නොහැකියාවෙන් පෙළෙන රජයක් බවත් ඔවුන්ගේ අමනෝඥ, අකාර්යක්ෂම වැඩපිළිවෙළක් තුළ රටත් රටේ ජනතාවත් අනතුරට පත් කරන ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කිරිම තුළ රටේ ජනතාවට තවදුරටත් අන්ත අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වුණු රජයේ ම සංඛ්‍යා ලේඛන දෙස බලන විට එය මනාව පැහැදිලි වන බවත් රජය සෑම විටම සිදු කරන්නේ රටේ ජනතාවගෙන් තොරතුරු වසන් කිරීම බවත් ඊට අමතරව රටේ ප්‍රශ්න විසඳනවා කියා රජය සිදු කර සිටියේ රට බංකොලොත් කළ හොරු රකිමින් හොරුන්ට සුරසැප ලබා දෙමින් තමන්ද සුරසැප විඳිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අසාර්ථක ගිවිසුමක් ඇති කර ගැනීම බවත් එහි ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විදිමන් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවදුරටත් රජයට ජනතාවට බොරු කිරීමට අවස්ථාව ලබා නොදී මේ බොරු සහ රැවටිලි සියල්ල හෙළිදරව් කරන බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ හොරා කෑ හොරු ටික අල්ලා, ඔවුන් රටට අහිමි කළ සම්පත් නැවත ලබා ගැනීමට අවශ්‍ය දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු වවත් මේ දෙබිඩි රංගනයට ඉඩ නෙදෙන බවත් ය.

එසේ ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බවට ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශ්ව කියා සිටියත් හදීසියේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට තීරණය කර ඇති බවත් මෙසේ ජනතාවට බොරු කියන්නේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වෙනස් කිරිම තුළ රජය විසින් රටත් ජනතාවත් මහා අනතුරකට ලක් කර ඇති බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම තුළ රටේ ආර්ථික අස්ථාවරභාවයක් නිර්මාණය වන බවට රජය දැන සිටියේ නැත්ද? ඒවා නොදැන ද මෙම ගිවිසුම් ගැසුවේ? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝකයේ රටවල් රැසක් ජනතාව පැත්තෙන් ගිවිසුම් ගැසුවත් රාජපක්ෂ හිතවාදී වත්මන් රජයට ජනතාව ගැන හිතන්න බැරි වූයේ ඇයිද? කියා විමසන බවත් පැවසීය.

ලෝකෙ වටේ ගොස් දේශපාලන සංදර්ශන පවත්වා හැම දේම හරි බව පැවසුවත් රටේ ආර්ථිකය හැකිලෙන්නේ ඇයිද? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේ පරාටේ නීතිය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දේපල විකිණීම රජයේ ආර්ථික ප්‍රතිපත්තියක් ද? කියා ප්‍රශ්න කර සිටින බවත් ය.

එබැවින් රජයට කියා සිටින්නේ මේ බොරුවෙන් මිදී රටේ ජනතාවට සත්‍ය පවසන ලෙසත් දේශපාලන සූදු ක්‍රියාත්මක නොකරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිව යුතු විපක්ෂයක් ලෙස ශක්තිමත් ගිවිසුමකට එළඹීමට කාලය ලබා දුන්නත් රජය ජනතාව වෙනුවෙන් ඒ තීරණය ගැනීමට අපොහොසත් වූ බැවින් රටටත් ජනතාවටත් අහිතකර වන සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් ය.

සත්‍යවාදීව විවෘතව යථාර්ථවාදීව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළේ දී මතය වෙනස් කළේ ඇයිද? කියා ජනතාවට පැහැදිලි කරන ලෙසත් ඒ සම්බන්ධ පිළිතුරක් ලබා දෙන තුරු රටත් ජනතාවත් විපක්ෂයත් අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan