රනිල්ට සහය නොදුන්නොත් පොහොට්ටුවත් ඉවරයි.රනිලුත් ඉවරයි – එස්.බී.

Date:

කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් රනිල් වික්‍රමසිංහත් පරාජය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ අනුව දෙපාර්ශවය අතර යම් එකඟතාවකට පැමිණිය යුතු බවයි දිසානායක මහතා කියාසිටින්නේ.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අවශ්‍ය මූලිකත්වය ලබා දිය යුතු බව හෙතෙම සඳහන් කරයි.

”මේ රටේ ආර්ථිකය වේගයෙන් සංවර්ධනය උනේ 2009 – 2015 කාලයේදීයි. නමුත් 2019 වෙනකොට ආර්ථිකය කඩා වැටුණා.ගෝඨාභය භාර ගත්තේ සෘණ ආර්ථිකයක්. ගෝඨාභයට හැරෙන්න ලැබුනේ නෑ. කොවිඩ් ආවා. ඒ නිසා ආදායම බිංදුවටම ගියා. නමුත් ණය ගෙවීම පැහැර නොහැර ණය ගෙවාගෙන අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරියට ආවා. නමුත් බටහිර රටවල් එකතු වෙලා තානාපති කාර්යාල එකතු වෙලා ඒ තත්ත්වය යොදාගෙන ගෝඨාභය එලෙව්වා. නමුත් සියලු දෙනා පැනලා යන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තා. ලංකාවේ හමුදා ජුන්ටාවක් හදන කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වුණා.

දැන් රටේ ඒකපුද්ගල ආදායම වැඩි වෙලා. අපනයන ආදායම වැඩි වෙලා. සේවා ආදායම වැඩි වෙලා. ආර්ථිකය නිවැරදි දිශාවට ගමන් කරනවා. ඒ සම්බන්ධයෙන් අපි රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. මේ රට ආයෝජකයන්ට බිය වෙලා හිටියේ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ තත්ත්වය නැති කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමුන්ගේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කළොත් හැම පක්ෂයේම අය කඩාගෙන එනවා.

එහෙම නොකළොත් රනිල් ජනාධිපති පරාජය වෙනවා. ඒ නිසා රනිල් ජනාධිපතිතුමා එක්ක යම්කිසි ගිවිසුමකට ඇවිත් පොදුජන පෙරමුණ රනිල් ජනාධිපතිතුමාට සහය ලබාදිය යුතුයි. ඒ වගේම ජනාධිපතිතුමත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙන්න අවශ්‍ය මූලිකත්වට ලබාදිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා ආවොත් අපිට ජයග්‍රහණය කරන්න පුලුවන්. අපි පක්ෂයේ තීන්දුව වෙනුවෙන් එක්ක ඉන්නවා. රනිල් අපේක්ෂකයා නොකළොත් පොදුජන පෙරමුණත් පරාදයි. රනිල් වික්‍රමසිංහත් පරාජය වෙනවා. පොදුජන පෙරමුණ රනිල්ට සහය නොදුන්නොත් සජිත් දිනනවා. ඔක්තෝබර් මාසයේ අනිවාර්යයෙන් ජන්දය තබන්න වෙනවා. නාමල් රාජපක්ෂ තව ටිකක් ඉවසන එක හොදයි. රාජපක්ෂවරුත් තව ටිකක් ඉවසන එක හොදයි. රනිල් ජනාධිපතිතුමා අපේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් හදපු නැති එක ගැන අපේ කණගාටුවක් තියෙනවා. නමුත් රටේ අනාගතය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කළ යුතුයි.” යනුවෙන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...