රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම් ඔබට අහක බලන් ඉන්න බැහැ – අනුර දිසානායක

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 28 හෝ ඔක්තෝම්බර් 05 පැවැත්වෙනු ඇති අතර එහිදී මෙතෙක් රටේ ගලා ගෙන ආ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරමු යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

ඒ, පසුගියදා ලන්ඩනයේ දී පැවති ජන හමුවේදීය.

ජාතික පුනරුදයක් උදෙසා ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව දේශපාලන වෙනසකට මුලපුරා සිටියි.

ඒ අනුව අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම් රටේ පුරවැසියන්ගේ වේදනාව කිසිවෙකුගේ කණට ඇහෙනවා නම් හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් ඒ කිසිවෙකුටත් මේ තත්ත්වය හමුවේ අහක බලාගෙන සිටීමට යුක්තිසහගත අයිතියක් නොමැති බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක සන්ධිස්ථානයක් කරගත යුතුව ඇතැයි හෙතෙම කියාසිටියි.

ආර්ථික වශයෙන් බංකොලොත් වූ, විශාල අපරාධවලින් ගහණ වූ, නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටුණු, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වූ, පතුලේම සිටින ජනතාවට නිසි ආහාර සපයා ගන්න නොහැකි, රෝහලේ බෙහෙත් පෙත්තක් නැති, තරුණයන්ගේ අනාගතය මුළුමනින්ම විනාශයට භාජනය කරන ලද, අධ්‍යාපනය කඩා වට්ටන ලද, මත්ද්‍රව්‍ය අපරාධවලින් ගහණ වූ රටක් අප ඉදිරියේ නිර්මාණය වී තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.

”අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය අපේ පපුවට දැනෙනවා නම්, අපේ පුරවැසියන්ගේ වේදනාව අපේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් අපි කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නැහැ. අපි හැමදෙනාම කළ හැකි සෑම දෙයක්ම කරමින් මේ පරිවර්තනය අත්පත් කර ගැනීමේ නියමු කාර්යභාරයේ කොටස්කරුවන් බවට පත්විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා.”

පැරණි අසාර්ථක දේශපාලන ගමන් මඟ වෙනස් අක්රමින් රට හැදිය යුතු බවටයි දිසානායක මහතා පවසන්නේ.

”මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනය විසින්. මේ අර්බුදයෙන් ගොඩ ඒමේ පළමු පියවර වන්නේ දේශපාලන පරිවර්තනය කිරීමයි. එක්සත් රාජධානියේ කවුරු හෝ කල්පනා කරනවා නම්, පාසලකට යම් උදව්වක් කර, අධ්‍යාපන ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියා, එහෙම විසඳෙන්නේ නැහැ. එහෙත් ඔබ ළමයි කිහිපදෙනෙකුට හරි උදව් කරන්න. ඒකත් වටිනවා. ඔබ හිතනවා නම් එකට එකතු වෙලා නිවසක් නැති කෙනෙකුට නිවසක් හදලා උදව් කරන්න. හැබැයි ඒකෙන් ලංකාවේ නිවාස ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔබේ හිතවතෙුකට, ඥාතියෙකුට බෙහෙත් ටිකක් ඔහු සුවකර ගන්න යවන්න. නමුත් ඒකෙන් ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔබ, අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්ය කාර්යභාරය තමයි අපේ රටේ මේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුයි.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...