ජනපති ජෝ බයිඩ්න් ලොස් ඇන්ජලීස් හි දී පැවති අරමුදල් රැස්වීමකදීත් ගල් ගැසෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 17, (LNW) කොළඹ : ලොස් ඇන්ජලීස් හි පීකොක් රඟහලේ පැවති අරමුදල් රැස්වීමකදී ව්‍යාකූල තත්ත්වයෙන් පසු වූ එක්සත් ජනපද ජනපති Joe Biden ව වේදිකාවෙන් ඉවතට ගෙන යාමට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහය පළ කර තිබූ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

එහිදී ජනපති බයිඩ්න් සෙනඟ දෙස බලා සිටියදී සැනෙකින් ගල් ගැසුනාක් සේ සිටින බවක් පෙනෙන්නට තිබුණි. 

ඩොලර් මිලියන 28ක් රැස් කළ මෙම රැස්වීමට George Clooney, Julia Roberts, Jimmy Kimmel සහ ඔබාමා පෙනී සිටියහ. 

සමාජ මාධ්‍යවල වීඩියෝව පෙන්නුම් කළේ හිටපු ජනපති ඔබාමා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බවත්, ජනපති බයිඩ්න් නොමඟ ගිය බවක් පෙනෙන්නට තිබීමෙන් පසු ඔහු වේදිකාවෙන් ඉවතට ගෙන ගිය බවත්ය.

මීට පෙරද එක්සත් ජනපද ජනපති ජෝ බයිඩ්න් ගේ මෙවැනි හැසිරීම් සහගත අවස්තා කීපයක් ද විය. ඒ අතර ඔහු G7 සමුළුවේදී ඉබාගාතේ ඇවිදිමින් සිටි ඉතාලි අගමැති ජෝජියා මෙලනි විසින් ඔවුන් සිටි තැනට ආපසු ගෙන එන වීඩියෝවක් ද දැකගත හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...