ජනපති ජෝ බයිඩ්න් ලොස් ඇන්ජලීස් හි දී පැවති අරමුදල් රැස්වීමකදීත් ගල් ගැසෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 17, (LNW) කොළඹ : ලොස් ඇන්ජලීස් හි පීකොක් රඟහලේ පැවති අරමුදල් රැස්වීමකදී ව්‍යාකූල තත්ත්වයෙන් පසු වූ එක්සත් ජනපද ජනපති Joe Biden ව වේදිකාවෙන් ඉවතට ගෙන යාමට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහය පළ කර තිබූ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

එහිදී ජනපති බයිඩ්න් සෙනඟ දෙස බලා සිටියදී සැනෙකින් ගල් ගැසුනාක් සේ සිටින බවක් පෙනෙන්නට තිබුණි. 

ඩොලර් මිලියන 28ක් රැස් කළ මෙම රැස්වීමට George Clooney, Julia Roberts, Jimmy Kimmel සහ ඔබාමා පෙනී සිටියහ. 

සමාජ මාධ්‍යවල වීඩියෝව පෙන්නුම් කළේ හිටපු ජනපති ඔබාමා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බවත්, ජනපති බයිඩ්න් නොමඟ ගිය බවක් පෙනෙන්නට තිබීමෙන් පසු ඔහු වේදිකාවෙන් ඉවතට ගෙන ගිය බවත්ය.

මීට පෙරද එක්සත් ජනපද ජනපති ජෝ බයිඩ්න් ගේ මෙවැනි හැසිරීම් සහගත අවස්තා කීපයක් ද විය. ඒ අතර ඔහු G7 සමුළුවේදී ඉබාගාතේ ඇවිදිමින් සිටි ඉතාලි අගමැති ජෝජියා මෙලනි විසින් ඔවුන් සිටි තැනට ආපසු ගෙන එන වීඩියෝවක් ද දැකගත හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...