(VIDEO):අප පැමිණ සිටින්නේ නිර්මල වමත් දේශප්‍රේමයත් කැටිකරගෙන – දිලිත්

Date:

කොළඹ LNW: සර්ව ජන බලය පැමිණ සිටින්නේ නිර්මල වමත් ජාතිකත්වය නියෝජනය කරන දේශප්‍රේමයත් කැටිකරගෙන බව සර්ව ජන බලය වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ඒ, අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව යළි 69 ලක්ෂයට බලාපොරොත්තු ඇතිකරගත හැකි බවත් 69 ලක්ෂයේ බලාපොරොත්තු සුන් වූයේ රාජපක්ෂලා නිසා බවත් ජයවීර මහතා සඳහන් කළේය.

විශේෂයෙන් ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ විසින් 69 ලක්ෂයක ජාතිකත්ව අපේක්ෂාව පාවාදීමට උත්සහ කරමින් සිටින බවයි ඔහු අවධාරණය කළේ.

ඒ අනුව රටට වින කිරීමට විවිධ නම් වලින් එන දක්ෂිණාංශික ලිබරල් බලවේග පරාජය කිරීමට සිදුවන බව ජයවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සර්ව ජන බලය විසින් සංවිධානය කරන ප්‍රථම මහ රැළිය හෙට (18) පස්වරු 02.00ට නුගේගොඩදී පැවැත්වීමට ද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

WHO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඊයේ (17) දින...

රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය මත...

බංගලාදේශය හමුවේ පරාජය වී ඉන්දියාව හමුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ලෝකයේම අවධානයට පාත්‍ර වී...

චීනයේ Hainan නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම අද සිට!

කොළඹ LNW:Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක්...