ඊශ්‍රායල අගමැති යුධ කැබිනට්ටුව විසුරවා හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 17,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සය දෙනෙකුගෙන් යුත් යුද කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇති බව ඊශ්‍රායල් බලධාරියකු විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මෙම විශේෂ කැබිනට් මණ්ඩලය ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් අනතුරුව හමාස් තුරන් කිරීමට හා හමාස් ත්‍රස්තයන් විසින් ඊශ්‍රායලයේන් ගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම අරමුනු කරගෙන පිහිටුවන ලදී.

යුධ කැබිනට් මණ්ඩලයේ හිටපු මධ්‍යවාදී හිටපු ජෙනරාල් බෙනී ගැන්ට්ස්ගේ රජයෙන් ඉවත්වීමෙන් පසු යුධ කැබිනට්ටුව බිඳී ගිය අතර ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ යුද කැබිනට් මණ්ඩලයේ සිටි උපාය මාර්ගික කටයුතු අමාත්‍ය Ron Dermer ඇතුළු කුඩා අමාත්‍යවරුන් පිරිසක් සමඟ ගාසා යුද්ධය පිළිබඳව උපදේශන පැවැත්වීමට අපේක්ෂා කර තිබිණි. එනමුත් පසුගිය සතිය වන විට යුධ කැබිනට්ටුවේ සිටි Gantz සහ Eisenkot ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ අතර ඔවුන් ඊශ්‍රායල් අගමැතිවරයාට චෝදනා කර තිබුණේ, ගාසා යුද්ධය සඳහා උපාය මාර්ගයක් සැකසීමට ඔහු අසමත් බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට !

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...