බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් 15ක් මියගොස් 60කට තුවාල!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙකට ගැටීමෙනි.

අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් පැවති අතර රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව තිබිණි.

අනතුරින් පසුව දුම්රිය දෙකම පීලිපැන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. අනතුරට හේතුවූ නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණ වී නොමැති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...