(VIDEO):ගලතුර වත්තේ පහර දීමට එරෙහිව ලංකා කම්කරු කොංග්‍රසය මැදිහත්වෙයි.පහර කෑ තැනැත්තා රෝහලේ.පොලීසියෙනුත් සාධාරණයක් නෑ!

Date:

කොළඹ LNW:රත්නපුර, කිරිඇල්ල පොලිස් වසමට අයත් ගලතුර වතුයායේ වතු කම්කරුවෙක් සේවයට නොපැමිණීම හේතුවෙන් එම වත්තේ මුරකරු ලෙස රාජකාරියේ යෙදී සිටින පුද්ගලයා සිදුකර තිබෙන පහර දීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

මුරකරු ලෙස කටයුතු කරන තැනැත්තා අදාළ වතු කම්කරුවාගේ සැමියාට දුරකථනයෙන් බැන තර්ඡනය කර ඇති අතර ඉන්පසුව, එදින සවස ඔහුගේ වතු නිවාසය පිහිටි කෝට්ටපන්ධාව ප්‍රදේශයට බීමත්ව ආයුධ ද රැගෙන තව කීපදෙනකු සමග ගොස් එම පවුලේ අයට පහරදීම පමණක් නොව එම ඵම පුද්ගලයාව එම ස්ථානයෙන් පැහැරගෙන ගොස් වතුයායෙන් පිටත ප්‍රදේශයේ තබාගෙන පහර දී ඇති බව සඳහන්.

එලෙස ප්‍රහාරයට ලක්වූ වීරසාමි ජෙගතීස්වරන් (අවු 44) මේ වනවිට රත්නපුර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කෙසේ වෙතත් මේ වන තෙක් මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් පස්දෙනාගෙන් කිසිදු පුද්ගලයෙක් කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොමැති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති රූබන් පෙරුමාල් මහතා කියා සිටියේ එම වතුයායේ තරුණයින් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු ඔහු වහා එම ස්ථානයට ගොස් කඩිනමින් පියවර ගන්නා ලෙස තමාට නියෝග කළ බවයි.

පහරකෑමට ලක්වූ අයගේ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර වහාම එම ස්ථානයට පැමිණෙන ලෙස කිරිඇල්ල ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් ඉල්ලා සිටි අතර, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇත.

ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි කිරිඇල්ල ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිගෙන් රූබන් පෙරමාල් මහතා ඉල්ලා සිටියේ වතුකරයේ ජනතාවට මෙවන් ආකාරයෙන් පහරදුන් අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

කෙසේවෙතත් සිදුවීමට මේ වන විට දින 03ක් ගතව ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කිරිඇල්ල පොලීසියට හැකි වී නැති බව ද රූබන් පෙරමාල් මහතා කියා සිටියේය.

එමෙන්ම වතුකරයේ ජනතාවට සිදුවන මෙවැනි පහරදීම් සම්බන්ධව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා ගන්නා ක්‍ෂණික ක්‍රියාමාර්ග ඉවසා ගත නොහැකි විපක්ෂයේ දේශපාලඥයන් ජනතාව අතර වැරැදි පණිවිඩ පතුරුවා හරින බවද ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...