ඇන්ජි…

Date:

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW:

ඇන්ජලෝ මැතිවිස් නික්ම යයි.ඒත් ඔහු පිළිබඳ මතකය ඉතිහාසයේ හැමදාම සුරැකෙන ලෙස තැබූ සටහන් ද සමඟය.ඇන්ජි කෙනෙකු ආදර්ශයට ගත යුතු චරිතයකි.ඔහු ඉතාම සාමාන්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයෙකු විය.එහෙත් ඔහු තේරිම නොව වැදගත් රැදී සිටීම බව දැන ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දැරූ බව නොරහසකි.


එම තේරුම් ගැනීම ඇන්ජලෝ විශිෂ්ඨ නායකයෙකු කළේය.ඒ නායකකමේ ගැටළු ඇති විය.එහෙත් ඒවා සමහර විට සිඳු වූයේ ඉතාම අවාසනාවන්ත විදිහටය.ඔහු බෞද්ධාගමිකයෙකු නොවන නිසා නායකත්වයට නුසුදුසු බව කී පිරිස් ද ඒ අතර වූහ.එහෙත් ඇන්ජි දරා ගැනීම තදින් හුරු පුරුදු කළ අයෙකු විය.ඒ නිසා ඔහුගේ රැදී සිටීම ස්ථාවර විය.


ඔහු කඩුල්ලේ පසෙක රැදී සිටීම තවත් පිතිකරුවෙකුගේ දිරියට සවියට විශාල කාරණාවක් විය.වරෙක ඔු ලසිත් මාංලිග සමඟ එක්ව නොසිතූ තරගයක ජය ශ්‍රී ලංකාවට ගෙනවිත් දුන්නේය.තවත් වරෙක දිනේෂ් චන්දිමාල් ඓතිහාසික ලෝර්ඩ්ස් පිටියේ ශතකයකට යාමට තිබුණු අවස්ථාව උදා කර දෙන්නේ මැතිවිස්ය.එසේම තවත් අවස්ථාවක ලෝක ටෙස්ට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් සිය දෙවන ඉණිමේදී පෙන පෙනී තිබුණු පරාජයක් නැවතීමට ඔහු කුසල් මෙණ්ඩිස් සමඟ මැරතන් ඉණිමක නොදැවී නියැලෙන්නේය.
ක්‍රීඩාව නූතණත්වයට සමීප වන්නේම විද්‍යාව සහ තාක්ෂණික කාරණා මතය.ඒ අනුව ස්වකීය කුසලතාවය ඉක්මවා ගිය පරිචයක ක්‍රීඩකයාගේ පැවත්ම රැඳී ඇත.ඒ කුමන දියුණුවක වුව දක්ෂතාවය සුරක්ෂිත කර ගැනීම රැදී ඇත්තේ කැපවිම මතය.ඇන්ජලෝ සතුව ඒ කැපවීම ඉහළින්ම තිබිණ.ඒ වගේම විවිධ කේෂ්ත්‍ර හරහා උකහා ගන්නා දැණුම හරහා තරගයක් කියවා ගැනීම තිබුණු හැකියාවද වැදගත්ය.
බොහෝ ක්‍රීඩකයින් එහෙත් මේ විද්‍යාවේ දියුණුවේ සාධකය අමතක කර එයින් ලැබෙන දායාද සියල්ලේ වටිනාකම තමන් අදහන ආගමික විශ්වාස වෙත ආයෝජනය කිරීම විශේෂයෙන් දකුණු ආසියාතික රටවල දී සිඳුවන දෙයකි.විශ්වාස ඇදහීම් සම්බන්ධ ගැටළුවක් නැතත් ඊට වඩා පැතිරුනු විද්‍යාව විසින් කරන ලද පරීක්ෂණ ඔස්සේ කළ නිරීක්ෂණ හරහා එළැඹි නිගමන මත වෙනස් දැණුමක් ක්‍රිකට්වල නිර්මාණය වී ඇත.මේ තත්පරය වැදගත් වන්නේ ඒ දැනුම මත ක්‍රිකට් වෘත්තියක් වී ඇති බැවිනි.


එහෙත් ඇන්ජි සියයට සියයක් ඒ දැණුම දේව ආශිර්වාදයක් සේ සැළකූ අයෙකි.ඒ ඔහුගේ විශ්වාසය නිසාය.එය සම්බන්ධයෙන් වෙනස් ආකල්ප තිබුණ ද,ඇන්ජිට එය කිරීමේ අයිතිය තමන්ගේ ආගමික අනන්‍යතාවය එය නොවන නිසා විවේචනය කිරීම තිරිසන් ගතියකි.ඇන්ජි බොහෝ විට ඔහු කරන වැරදිවලට වඩා ඒ තිරිසන් විවේචනවල ගොඳුරුක්ව තැවිණ.ලංකාවේ ක්‍රිකට් විවේචන සහ විවේකයන්ගේ තත්ත්වය බොහෝ විට ක්‍රිකට් හී දියුණුවට පසුපසින් වීම මීට හේතුවක්ය.


ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල වියදමක් දරමින් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩකයාගේ මානසික සහ කායික සංවර්ධනය වෙනුවෙන් නූතණ දැණුම විද්‍යාත්මකව එකතු කර ගන්නට මාර්ගයක් සකසා ඇත.එහෙත් තවමත් ඒ තෝරාගන්නා නිවැරදි මාර්ගය සහ සමාජය අතර පරතරය පියවීම ක්‍රීකට් පරිපාලනයෙන් ඔබ්බේ රැඳෙන රාජ්‍යමය මැදිහත්විම තිබිය යුතු වැඩක්ය.ඒ නිසා තවමත් සංචාරය් පිටිත්වීම වැනි කාරණාවලදී අනිවරිය කර ආගමික නායකයන් කැඳවීම කිරීමටත්,ඒ මොහොත දක්වා ලෝකයේ ඉහළම තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩකයන්ට අවශ්‍යය ක්‍රීඩා පහසුකම් සපයා ඊට හාත්පස වෙනස් සංස්කෘතික තැනකට යාමට ක්‍රිකට්වලට සිඳුවේ.


ඇන්ජලෝ යනු එවැනි අමුතු වෙනස් සංස්කෘතියක් ඇතුළත නිර්මාණය වූ ක්‍රීඩකයෙකි.කෙතරම් විද්‍යානුකූල වුවත් අවසානයේ දක්ෂතා දෙවියන්ට,ගස් ගල්වලට මෙන්ම නූල් කැබලිවලට කැප කරන සංස්කෘතියක බහුතර බලය ඇති ආගමේ පීඩාවට ලක් වූ සුළු ආගමිකයෙක් වූ ඇන්ජලෝ රටට මහා නමක් ගෙන ඒම සඳහා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකි.ඔහුගේ සමුගැන්මෙන් හිස්වන තැන එකවර පිරවිම අපහසුය.ඒ ඇන්ජලෝ ද එක රැයකින් ගොඬ නැඟුණේ නැති නිසාය.
ඇන්ජි කළ දෙයට ස්තූතියි.ඒත් තව ඉදරියට ඔබට කළ හැකි දේ තිබෙයි.ඒ සඳහා ඔබ අලුත්වීම නොනැවත්විය යුතුයි.
අවසනට රෝහිත් ෂර්මා තැබූ සටහනක් මෙහි අගට එකතු කරන්නේ ඇන්ජි ගැන සමකාලීන රෝහිත්ගේ කියවීම වැදගත් බැවිනි.
“හේයි ඇන්ජි, ඔයාගේ අපූරු වෘත්තීය ජීවිතයට සුභ පැතුම්. අපේ 19න් පහළ කාලයේ සිට මේ දක්වා අපිට හොඳ සටන් තිබුණා. ඔයා ඔයාගේ ජාතිය වෙනුවෙන් සැබෑ සේවයක් කරලා තියෙනවා, ඔබේ රටේ හැමෝම ඔයා ඔයාගේ රට වෙනුවෙන් කරපු දේ අගය කරනවා කියලා මට විශ්වාසයි,”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...