ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත් කර ජනතාවට සහන සැලසීමට නම් වර්තමානයේ අත්පත් කරගෙන ඇති ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් කෙටි කාලයක් තුළ අත්පත් කරගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, 2025 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව අනුව, මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 4. 8ක් වන අතර, එම වාර්තාව අනාවරණය කරන්නේ, මෙම වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මික අංශයේ වර්ධන වේගය සියයට ඍණ 0.7ක් දක්වා අඩු වී ඇති බවයි.

තවද, කර්මාන්ත අංශය සියයට 9. 7කින් සහ සේවා අංශය සියයට 2. 8කින් වර්ධනය වී තිබෙන අතර, කෘෂිකාර්මික හා සේවා අංශ මීට වඩා වැඩි වේගයකින් වර්ධනය විය යුතු බව මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...