පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

0
538

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

වන අලියෙකු පහරදීමෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ , දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල මාර්ගයේ වලස්ගල කැලෑ ප්‍රදේශයේදීය.

වන අලියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටි ඔහු එම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මගින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය පැවසුවේ, එහෙත් පොලිස් සැරයන්වරයා රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති බවයි.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි අරංගල වීරලන්ද ප්‍රදේශයේ පදිංචි දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.

ඔහු රාජකාරී සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව, විමර්ශනවලදී අනාවරණ වී ඇත.