පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

වන අලියෙකු පහරදීමෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ , දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල මාර්ගයේ වලස්ගල කැලෑ ප්‍රදේශයේදීය.

වන අලියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටි ඔහු එම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මගින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය පැවසුවේ, එහෙත් පොලිස් සැරයන්වරයා රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති බවයි.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි අරංගල වීරලන්ද ප්‍රදේශයේ පදිංචි දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.

ඔහු රාජකාරී සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව, විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...