ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW:

සර්ජි බුබ්කා රිටි පැනීමේ ලෝක වාර්තාව අඛණ්ඩව බිඳ දමමින් පෙරට එද්දි ඔහු පියාඹන මිනිසා විය.බොහෝ අය සිතුවේ එය දශක ගණනාවක් පවතිනු ඇති බවය.එහෙත් ඒ විශිෂ්ඨයාව අභිබවමින් ස්විඩනයෙන් මතු වූ අමාන්ඩ් ඩුල්පෙන්ටීස් අද සර්ජි බුබ්කා මෙන්ම රිටි පැනීමේ කෙෂ්ත්‍රයේ වාර්තා පොත යළි යළිත් අලුත් කරමින් ඇත.
ජූනි 16 වන දා යළිත් ඩුප්ලෙන්ටීස් සිය වාර්තාව අලුත් කරේ නව ලෝක වාර්තාවක් තමන්ගේ නමින්ම තබමින්ය.දැන් වසර ගණනක සිට බුබ්කිගේ අවදියේ මෙන්ම රිටි පැනීම සම්බන්ධයෙන් ලෝක වාර්තාව අලුත් වෙන්නේ සංඛ්‍යාවන්හී වෙනස්කම්වලින් පමණය.නම අමාන්ඩ් ඩුල්පෙන්ටීස්ගේම ය.


ජූනි 15 වන දා ස්වීඩනයේම ස්ටොක්හෝම් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී සිය රට වැසියා ඉදිරියේම ඩුල්පෙන්ටිස් තැබූ නව ලෝක වාර්තාව මීටර් 6.28 ක් විය.එය පැවති වාර්තාව සෙන්ටි මීටර් දෙකකින් ඉක්මවා යාමක්ය.
තවමත් 26 හැවිරිදි ඩුප්ලේටීස් තව කොපමණ කාලයක් ක්‍රීඩාවේ රදී සිටිනු ඇද්ද යන්න සම්බන්ධ කාරණයට සමගාමීව රිටි පැනීමේ ලෝක වාර්තාවද ඉහළට පියඹා යනු ඇත.එය කොතැනින් නතර වෙනු ඇද්ද යන්න කීමට නොහැකිය.ඒත් සමහර විට ඩුප්ලෙන්ටීස් ළඟ මේ වාර්තාව රැදී තිබෙන කාලය වැඩි කාලයක් නොවන්නට ඉඩ ඇත.සමහර විට බුබ්කා පන්නයේ,ඩුප්ලෙන්ටීස් පන්නයේ පියාඹන මිනිසෙක් බිහි වෙන්නට ඉඩ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුර්වල ණය දීමේ තීරණ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : දුර්වල ණය දීමේ...

ස්ටාර්ලින්ක් ඉන්දියාවට ඇතුළුවීමේ ප්‍රමාදය ගැන මස්ක්ගෙන් අම්බානිට චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ලොව ධනවත්ම...

රුසියානු තෙල් මිලදී ගත් රටවලට සම්බාධක පැනවූ ට්‍රම්ප් රුසියානු ඩිසල් මිලදී ගැනීමට ගිවිසුමක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: රුසියාවෙන්...

ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු...