*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ඉන්ධන බෙදා හැරීම ක්‍රමවත් කරන්න – ජනපතිගෙන් උපදෙස් !

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.
සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබා ගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහිද එහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.

ඉන්ධන බෙදාහැරීමේදී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමි වේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදා ගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය. අනිකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා හඳුනා ගත් ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත්, පිරවුම්හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටත් තීරණය කෙරිණ.

අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කරනු ලැබීය.

පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, මහජන ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු, ආරක්ෂක, ඉන්ධන, විදුලිබල සහ ගෑස් පිළිබඳ ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan