*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

”ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසක් සෘජුව ආහාර අර්බුදයට” – අගමැතිගෙන් තවත් අනාවැකියක්

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකුත් බඩගින්නේ නොතැබීම සිය ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (17) ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදීය.

ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ.

මෙහිදි විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල,ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව,පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා ඇත.

මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් තුළ තමාට ලබා දෙන ලෙසයි එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්,පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බවත් මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමටත් යෝජනා කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අවධාරණය කර තිබේ.

එමෙන්ම,කලාපීය වශයෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය ද අගමැතිවරයා විසින් පෙන්වාදී ඇති අතර එය කඩිනමින් සකස් කළ යුතු බවටද සඳහන් කළේය.

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන,ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙසද හෙතෙම කියා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර,නලින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය සාගල රත්නායක,තිස්ස අත්තනායක, පාඨලී චම්පික,මනෝ ගනේෂන්, දිගම්බරන්, රිෂාඩ් බදුර්දීන් යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නවීන් දිසානායක, සමන් රත්නප්‍රිය යන හිටපු මන්ත්‍රීවරුන් සහ සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan