මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන ‘කුමන්ත්රණය’ නැමති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සම විභාග කර අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනිදා ප්රකාශයට පත් කරන බව නිවේදනය කළේය.
ඒ, එම පෙත්සම ඊයේ (16) අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්රේමචන්ද්ර යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු ඉදිරිපත් කළේය.


