හැකරුන්ට ගිය ඩොලර් මිලියන 2.5 අපි තවම හොයමින් ඉන්නේ – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

විදෙස් ණයක් ගෙවීමට යාමේදී මහාභාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“ඒ පිළිබඳව ඔබ දන්නවා අධිකරණයටත් අපි කරුණු වාර්තා කර තිබෙනවා. ඒ වගේම පරිගණක අපරාධවලට අදාළ අපේ සියලුම අංශ මේ ගැන පරීක්ෂණ කරමින් ඉන්නෙ. එක, මේකට සම්බන්ධ කවුද කියන එක, අපේ නිලධාරීන් සම්බන්ධයිද ? දෙක, මේක වුණේ කොහොමද ? තුන, මේවා රිකවර් කරගන්නෙ කොහොමද ? මහබැංකුව පැත්තෙන් සහ ඒකට අදාළ කරන අනෙකුත් ආයතන පැත්තෙන් කියන දෙපැත්තෙන්ම ඒකට කටයුතු කරගෙන යනවා”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

මෙම මුදල් සොරකම් සිදුව ඇත්තේ 2025 දෙසැම්බර් – 2026 ජනවාරි කාලසීමාවේදී බව කියැවේ. ඒ අනුව දැනටමත් මාස ගණනක් ගතවී ඇතත් මුදල් බැරවී ඇති තැනක් සොයාගැනීමට හැකිවී නැත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...