ආයෝජකයින්ගේ ගැටලු විසඳීමට අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙරට ආයෝජන සිදුකිරීමේදී බලපත්‍ර ලබාගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අතර එහිදී, පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙන එන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

‍ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව ඔහු පෙන්වා දෙන අතර ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා දී ඇති අතර මෙම මධ්‍යස්ථානය මගින් ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙන අතර නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක  බව ද  ඔහු  වැඩිදුරටත් සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...