*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අටේ දිව්වාට කාලිංග එකට

බොහෝ විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට ලැබෙන ධාවන පථය ගැන මැසිවිලි නඟින ආකාරය අපි දැක ඇත්තෙමු.ධාවන පථය කුමක් වුව දුවන්නට වන්නේ එකම දුරකි.නමුත් එහි යම් බලපෑමක් කායිකව මෙන්ම මානසිකව ඇති විය හැකි අතර එය මැඩ පවත්වා ගෙන දිවීම සඳහා විශාල ශක්තියක් කයටත් වඩා මනසට අවශයය වන්නේය.එවැනි ශක්තිමත් ධාවනයකින් අට වන මං තීරුවේ ධාවනය කරමින් මෙවර 62 වන ජ්‍යෙෂ්ඨ ඉන්දීය මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 ධාවන තරගය ජය ගන්නට කාලිංග කුමාරගේ සමත් විය.ඒ ඔහුගේ හොඳම පෞද්ගලික කාලය ලෙස තත්පර 45.64 ක් දක්ෂතාවයක්ද දක්වමින්ය.මේ සියලු කාරණා නිසා කාලිංගගේ ධාවනය අති විශිෂ්ඨ එකක් වන අතර ධාවන පථය ජයගන්නා බොහෝ මව්වරු ගැන කතා කරනවා සේම,ජීවන බරට උර දෙන පියෙක් හැටියට කාලිංග දක්වන ලද දක්ෂතාවයේ ගෞරවය පියෙකු හැටියට ද ඔහුට හිමි විය යුතුය.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයින් තිදෙනා අතරින් චමෝධ්‍ය යෝධසිංහ මීටර් 100 තරගයේදී නීතී විරෝධි කරුණක් නිසා ඉවත් කෙරුණ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන ජනිදු ලක්විජය අද (ජූනි 17) මීටර් 110 ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිතය.

කාලිංගගේ ධාවනයත් සමඟ මීටර් 400 ධාවනයටත් වඩා මීටර් 400 සහය දිවීමේ ඉසව්ව ගැන ආසියානු බලාපොරොත්තුවක් මෙන්ම ඉන් ඔබ්බට ගිය ජාත්‍යන්තර තරග සහභාගීත්වයක් ගැන ද යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි තත්ත්වයක ඉඟි පහළ විය.විශේෂයෙන්ම මීටර් 400 ඉසවව සඳහා තත්පර 45.49 ක දක්ෂතාවයක් දක්වා සිටින අතර මේ වන විට තත්පර 46 සීමාවේ මුල රැඳෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම දැකිය හැකි අතර ඔවුන් අතර දැන්ම සිට සම්බන්ධයක් හදමින් පිරිමි මීටර් 400 ඉසව්වට මෙන්ම 400 සහය දිවීමේ ඉසව්වට ද සහය දිවීමේ කණ්ඩායමක් පුහුණු කිරීමට බලධාරීන් අවධානය යොමු කිරීම වටියි.

මෙම තරගාවලියේ මීටර් 400 ඉසව්වේ ආසියානු තේරිම් තරග සුදුසුකම හැටියට තත්පර 46.17 ක් නම් කර තිබුණු අතර ප්‍රතිපලය අනුව කාලිංග ඇතුළු සිව්දෙනෙක් සිටියේ එම කාලයට වඩා හොඳ තත්ත්වයකය.නමුත් ඉන්දියාව සටහක් කර තිබූ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සුදුසුකම් ලත් එක් අයෙක් හෝ නොසිටියේය.
කාන්තා තරගයේදී ද මේ තත්ත්වයම දකින්නට තිබුඛ අතර ක්‍රිඩිකාවන් සිව් දෙනෙකුම ආසියානු තරගාවලි කඩ ඉම ඉක්මවා ගිය ද ලෝක මට්ටමට කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.

ඡායාඑරුපයේ සිටින්නේ කාලිංග කුමාරගේ සහ ඔහුගේ පුහුණුකරු විමුක්ති ද සොයිසා ය.
වීඩියෝවෙන් දැක්වෙන්නේ කාලිංග තරග වැදුණු තරගය ය.
https://www.youtube.com/watch?v=KD2s6sOx0rQ

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan