*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

හෝමාගම ඇතුළු ප්‍රදේශ කීපයකට පැය24 ගත වුවත් තවමත් ජලය නෑ!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව වාර්තා වේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබුණු අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වූ අතර නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසන අතර අනතුර හේතුවෙන් ජල නළය පුපුරා යෑමෙන් ඊයේ රාත්‍රියේ දැවැන්ත ජල කාන්දුවක් එම ස්ථානයේ සිදුව තිබූ අතර, යාබදව පිහිටි විදුලි රැහැන් කණු දෙකක්ද ජල පහරේ වේගයට කඩාවැටී තිබිණි.

සිදුවූ ජල කාන්දුව හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම තවමත් යතාටත්ත්වයට පත්වී නොමැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan