ප්‍රමාද වී තිබු සෞඛ්‍ය සේවයේ බදවා ගැනීම් යථා තත්ත්වයට පත් කළා – රමේෂ් පතිරණ

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ප්‍රමාද වී තිබු සෞඛ්‍ය සේවයේ බදවා ගැනීම් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ, දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික පත්වීම් ප්‍රදානය කරමිනුයි .

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් වසරක කාලයක් පුහුණුව ලැබීමට නියමිතයි. පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙම පුහුණුලාභීන් සදහා මසකට රුපියල් 66725ක සීමාවාසික පුහුණු දීමනාවක් ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...