ප්‍රමාද වී තිබු සෞඛ්‍ය සේවයේ බදවා ගැනීම් යථා තත්ත්වයට පත් කළා – රමේෂ් පතිරණ

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ප්‍රමාද වී තිබු සෞඛ්‍ය සේවයේ බදවා ගැනීම් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ, දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික පත්වීම් ප්‍රදානය කරමිනුයි .

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් වසරක කාලයක් පුහුණුව ලැබීමට නියමිතයි. පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙම පුහුණුලාභීන් සදහා මසකට රුපියල් 66725ක සීමාවාසික පුහුණු දීමනාවක් ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී ඌව සහ...

මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය “හක්කේ ලෙනින් – බොක්කේ රනිල්” – ගයන්ත

එදා මාක්ස් ලෙනින්වාදය ගැන කතා කරමින් දැඩි වාමාංශිකයින් වශයෙන්...

මගෙ එකම කැමැත්ත ….

ගැටගසා බහින ඉර බිලීපිත්තකබස්සවා මුහුදටතරුණ කිඳුරෙක් අල්ලන එකයිමගෙ එකම...