රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සේවකයින් 278ක් අනිවාර්යය විශ්‍රාම ගැන්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

අද (18) සිට , රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන්නේ, එම පොහොර සමාගම් දෙක මින් ඉදිරියට එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත.‍ෙඅනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකයින් 278 දෙනා සඳහා රුපියල් ලක්ෂ 8සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන්දි මුදල් හිමි වෙන බවයි.

මෙම වන්දි වැඩසටහන සඳහා වැය කරන මුලු මුදල රුපියල් මිලියන 863ක් බවද අමාත්‍යාංශය කියයි.මෙම සේවක විශ්‍රාම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කිරීම කිරිබත්ගොඩ මාකොල ශවින්‍ රෝ හෝටල් ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...