රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සේවකයින් 278ක් අනිවාර්යය විශ්‍රාම ගැන්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

අද (18) සිට , රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන්නේ, එම පොහොර සමාගම් දෙක මින් ඉදිරියට එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත.‍ෙඅනිවාර්ය විශ්‍රාම ගැන්වූ සේවකයින් 278 දෙනා සඳහා රුපියල් ලක්ෂ 8සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන්දි මුදල් හිමි වෙන බවයි.

මෙම වන්දි වැඩසටහන සඳහා වැය කරන මුලු මුදල රුපියල් මිලියන 863ක් බවද අමාත්‍යාංශය කියයි.මෙම සේවක විශ්‍රාම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කිරීම කිරිබත්ගොඩ මාකොල ශවින්‍ රෝ හෝටල් ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...