පොසොන් උත්සව ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 19,062 ක්

විශේෂ කාර්ය බලකා නිළධාරීන් 370 ක්

ත්‍රිවිධ හමුදා භටයින් 607 ක්,

ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 ක්

මෙවර පොසොන් උත්සව නිමිත්තෙන් සිදුකරන ආගමික/ සංස්කෘතික වැඩසටහන් වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිළධාරීන් වෙත අද ( 18) දින උදැසන පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇති බව පැවසේ.

ඒ අනුව, දිවයින පුරා පිහිටි විහාරස්ථාන 12,050 ක් අතරින් විහාරස්ථාන 11,095 ක පොසොන් පොහොය දින වැඩසටහන් පැවැත්වෙන බවට වාර්තා කර ඇති අතර, එහිදී පොසොන් කලාප 322 ක්, පොසොන් තොරණ 296 ක්, දන්සැල් 4,557 ක් ඇතුළු දිවයින පුරා පොසොන් උත්සව 5929 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙන බවට පොලිස් ස්ථාන මගින් වාර්තා කර ඇති අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාත ⁣තුළ පිහිටි විහාරස්ථාන ආශ්‍රිතව සංවිධානය කරන ලද වැඩසටහන් බවට දැනුම්දී ඇති බව වාර්තා වේ.

දිවයිනේ විවිධ ප්‍රදේශයන් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මු.පො.ප/ ස්ථානාධිපතිවරුන් විසින් ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ යටතේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 19,062 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 370 ක්, ත්‍රිවිද හමුදා භටයින් 607 ක් සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකුට අධික පිරිසක් ද මෙවර ආරක්ෂාව සදහා යෙදවීමට සුදානම් කර ඇති බව සඳහන් වේ.

එසේම, පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන ලෙසටත්, දිවා/රාත්‍රි ජංගම සංචාර, යතුරු පැදි සංචාර මගින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් එහිදී පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...