වැසි තත්වය තවදුරටත් වෙනස් වෙයි – අද (18) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 18) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු තෙල් මිලදී ගත් රටවලට සම්බාධක පැනවූ ට්‍රම්ප් රුසියානු ඩිසල් මිලදී ගැනීමට ගිවිසුමක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: රුසියාවෙන්...

ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු...

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...