ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

Date:

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW:

ඔක්තෝම්බර් 22 සිට 28 දක්වා බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු ජාතීන් අතර වොලිබෝල් සූරතාවලියේ පිරිමි කාණ්ඩය සඳහා සහභාගි වන පිරිමි කණ්ඩායම තෝරා ගැනීමට සහ නොවැම්බර් 6 දා සිට 15 දක්වා නේපාලයේ පැවත්වෙන එම තරගාවලියේ කාන්තා අංශයේ තරග සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෝරා ගැනීමටත් පැවත්වෙන පරීක්ෂණයට සහභාගි වන ලෙස ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවාත ආරාධනාවක් කරන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.


අදාළ තේරීම් පරීක්ෂණ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් කොළඹ ටොරිංටන් ගාහස්ත ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවත්වීමට කටයුතු යොදා ඇති බව පැවසෙනවා.ඒ අනුව පිරිමි කණ්ඩායම සඳහා පරීක්ෂාව ජූලි 1 ද සහ 2 වැනිදාත්,කාන්තා කණ්ඩායම් සඳහා වන පරීක්ෂණය ජූලි 3 සහ 4 වන දිනවලත් ටොරිංටන් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කරගෙන පැවත්වීමට තීරණය කර තිබෙනවා.එම පරීක්ෂණ පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.


දෙදිනක් පරීක්ෂණ පැවත් වුව ද පිරිමි පරීක්ෂණය සඳහා සහභාගි වන සියළුම ක්‍රීඩකයින් ජූලි පළමු වැනිදා පෙරවරු 8.00 වන විට ටොරිංටන් වෙත පැමිණිය යුතු අතර ජූලි 2 වන දා අලුතින් පරික්ෂාවක් සිඳු නොකරන අතර එදින පරික්ෂා කරන්නේ ජූලි පළමුවැනිදා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන්ගෙන් පමණි.කාන්තා පරීක්ෂණ කටයුතු ද ඒ ආකාරයටම පැවත්වෙන අතර ඒ අනුව ජූලි 4 වන දා අලුත් පරික්ෂාවන් සිඳු නොවන අතර ජූලි වන දා තේරී පත්වන ක්‍රීඩිකාවන්ගේ වැඩිදුර පරීක්ෂණ පමණක් ජූලි 4 වන දා පැවත්වීමට කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...