ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

ගාසා තීරයේ ආධාර බෙදාදීම් සිදුවන ස්ථානවලදී ඊශ්‍රායලය අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 70 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (17) දින ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින්, ටැංකි ෂෙල් වෙඩි, මැෂින් තුවක්කු සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 70 දෙනෙකු ඝාතනය කර සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අලුයම සිට වටලනු ලැබූ ප්‍රදේශය පුරා එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පලස්තීන ජාතිකයන් 89 දෙනා අතරට මෙම තුවාලකරුවන් ද ඇතුළත් වේ.

සති තුනකට පෙර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය සහාය ලත් ගාසා මානුෂීය පදනම (GHF) එම ප්‍රදේශයේ ආහාර බෙදා හැරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු අඛණ්ඩ සංහාර රැල්ලක නවතම සිදුවීම මෙය විය.

නසාර් රෝහලේ වෛද්‍යවරුන්ට අනුව, තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ වාර්තා වෙනස් වුවද, ගාසා සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බසාල් තවදුරටත් පැවසුවේ 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...