කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර දීමේ සිද්ධියට එරෙහිව අද (18) කොළඹ නගර සභාව ඉදිරිපිට පැවති විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ව සිටියේය.
කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබාදුන් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් සිදු කළ මෙම ක්‍රියාව කණගාටුවෙන් හෙළා දකින බව එහිදී පැවසූ නාමල් රාජපක්ෂ මහතා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවට ප්‍රචණ්ඩත්වය පදනම් කරගත් දේශපාලන ගමනක විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් මතු වන බවත් අවධාරණය කළේය.




