එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයක

Date:

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් දෙදින සංචාරයක් සඳහා බීජිං වෙත පැමිණ ඇති බව වාර්තා වේ. මෙය වසර පහක පමණ කාලයක් තුළ ඉහළම එක්සත් ජනපද නිලධාරියෙකු චීනයට පැමිණි අවස්ථාව ලෙස සැලකේ.

බීජිං බලා පිටත්ව යාමට පෙර පසුගිය සිකුරාදා(16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බ්ලින්කන් පැවසුවේ තම සංචාරයේ ප්‍රධාන අරමුණු තුනක් ඇති බවයි. එනම් අර්බුද කළමනාකරණය සඳහා යාන්ත්‍රණ සැකසීම, එක්සත් ජනපදයේ සහ මිත්‍ර රටවල අවශ්‍යතා ඉදිරියට ගෙන යාම මෙන්ම අදාළ උත්සුකයන් ගැන කෙලින්ම කථා කිරීම සහ විභව සහයෝගීතා ක්ෂේත්‍ර ගවේෂණය කිරීම යන්නයි.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වෙළඳාමේ සිට තාක්‍ෂණය සහ කලාපීය ආරක්ෂාව දක්වා ගැටලු රාශියකට විරුද්ධ වීමත් සමඟ, බ්ලින්කන්ගේ පැමිණිම අතිශයින්ම වැදගත් වන අතර මෙහිදී බ්ලින්කන් චීනයේ ඉහළම නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වන අතර Diaoyutai උද්‍යානයේ රාජ්‍ය ආගන්තුකාගාරයේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමට නියමිතය.

සටහන – සශිකලා මධුෂාණී


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...